වෛද්‍යවරුන්ගේ හෝ නීතීඥවරුන්ගේ වාහනවල ස්ටිකර් ගලවන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ – ඇමති නලින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ වාහන හඳුනාගැනීම සඳහා යොදාගෙන ඇති ස්ටිකර් හෝ එවැනි කිසිදු ලාංඡනයක් ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ හඳුනාගැනීම සඳහා යොදන ඒ ස්ටිකර් එක හෝ මොකක්හරි ඉවත් කරන්න කිසිම තීන්දුවක් රජයේ පාර්ශ්වයෙන් අරගෙන නැහැ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෝ පොලීසිය හෝ එවැනි තීන්දුවක් අරගෙන නැහැ. ඇත්තටම එහෙම එකක් ගහගෙන ඉන්න එක හදිසි අවස්ථාවලදී විතරක් නෙවෙයි රෝහල්වලට ඇතුළු වීමේදී පහසුවක්. 500 – 600ක කාර්ය මණ්ඩලයක් ඉන්න තැනක ඇතුළත් වීමේදී සෙකුරිටි එකෙන් දන්නෙ නැහැ මේ කවුද එන්නෙ කියලා. ඒ නිසා ඒක පහසුවක්. ඒ නිසා එවැනි මේ ආකාරයේ හඳුනාගැනීම සඳහා යොදලා තියෙන කිසිදු ලාංඡනයක් ඉවත් කරන්න රජය බලාපොරොත්තු වෙන්නෙ නැහැ”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...

අද (11) කාලගුණය වෙනස් වන හැටි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...