රටින් ගේන සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව,

ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක්
ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220ක්
ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක්
පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක්
කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255ක්

වශයෙන් ගැසට් කර ඇත.

2025 ඔක්තෝබර් 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි ගැසට් නිවේදනයෙහි දැක්වෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...