රුසියානු ජනාධිපතිවරයා හා එක්සත් ජනපද ජනාධිපතිවරයා අතර සාකච්ජා අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ජා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, නාස්තිකාර හමුවීමක් අවශ්‍ය නොවන බවත්, මොස්කව් ඉදිරිපෙළ සටන් නතර කිරීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රධාන ගැටළුවක් වන බවත්ය.

ට්‍රම්ප් සහ පුටින් අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදී ඇලස්කාවේදී මුණගැසුණ නමුත්, එය කිසිදු ස්ථිර ප්‍රතිඵලයක් ලබා දුන්නේ නැත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ, ජනාධිපතිවරුන් අතර හමුව අත්හිටුවීමත් සමඟ සාමය සඳහා වූ එක්සත් ජනපද සහ රුසියානු යෝජනා අතර ප්‍රධාන වෙනස්කම් මෙම සතියේ වඩ වඩාත් පැහැදිලි ව දක්නට ලැබුණු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...