රුසියානු ජනාධිපතිවරයා හා එක්සත් ජනපද ජනාධිපතිවරයා අතර සාකච්ජා අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ජා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, නාස්තිකාර හමුවීමක් අවශ්‍ය නොවන බවත්, මොස්කව් ඉදිරිපෙළ සටන් නතර කිරීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රධාන ගැටළුවක් වන බවත්ය.

ට්‍රම්ප් සහ පුටින් අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදී ඇලස්කාවේදී මුණගැසුණ නමුත්, එය කිසිදු ස්ථිර ප්‍රතිඵලයක් ලබා දුන්නේ නැත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ, ජනාධිපතිවරුන් අතර හමුව අත්හිටුවීමත් සමඟ සාමය සඳහා වූ එක්සත් ජනපද සහ රුසියානු යෝජනා අතර ප්‍රධාන වෙනස්කම් මෙම සතියේ වඩ වඩාත් පැහැදිලි ව දක්නට ලැබුණු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...