වර්ෂාවත් සමඟ හිස ඔසවන ඩෙංගු: පරිසරය ගැන අවධානයෙන් පසුවන්න – ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ය හැකි හෙයින් මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ සුපරීක්ෂාකාරී වී එම ස්ථාන බැහැර කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ.

”අද දිනය වන විට ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ, ගම්පහ, කළුතර,නුවර, ගාල්ල, මාතර,යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ දැනට රෝගීන් වැඩි වෙලා නැතත් අවදානමක් තියෙන දිස්ත්‍රික්ක විදිහට හඳුනා ගෙන තිබෙනවා කඩින් කඩ ඇතිවන වර්ෂාව නිසා. කඩින් කඩ ඇතිවෙන වර්ෂාවත් සමඟම පරිසරයේ මදුරු ඝනත්වය වැඩි වෙනවා. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා නිසි ආකාරව බැහැර කරලා මදුරුවන් බෝ වන ස්ථාන අඩු කරගැනීමෙන් මේ රෝගය වැඩි වීම අඩු කරගන්න පුළුවන්.”

මේ අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 22ක් වාර්තා වී ඇති අතර වැඩිම මරණ වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවද සමරවීර මහත්මිය පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...