නිශ්මං රණසිංහ ඔක්තෝබර් 22, කොළඹ LNW:
බහරේනයේ පැවත්වෙන ආසියාතික යොවුන් ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන බාලක වෙරළ වොලිබෝල් කණ්ඩායම 21 වන දින ජයග්‍රාහීව නිමා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව නියෝජනය කරන දිදුල මහිම සහ කුසල් දුල්මිණ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගන්නට සමත් වුණා.
එම තරග දෙකේදීම මේ ක්‍රීඩකයින් දෙදෙනා ජයග්‍රහණය වෙනුවෙන් අධිස්ඨාන පූර්වකව දැඩි ආත්ම විශ්වාසයෙන් තරග කිරීම කැපී පෙණුනා.මාල දිවයිනට සහ කටාර්වලට එරෙහිව ලබා ගත් එම ජයග්‍රහණ වාර්තා කිරිම සඳහා දිදුලට සහ කුසල්ට වට තුන දක්වාම ක්‍රීඩා කරන්නට සිඳු වූ අතර තීරණාත්මක තෙවන වටයේදී මුලින්ම ලකුණු 15 ට ළඟා වෙමින් ප්‍රතිවාදියා අභිබවා යන්නට ඔවුන් කායිකව ශක්තිමත්ව සිටි අතර මනසින් ද දැඩි විශ්වාසයකින් කටයුතු කළා.

මාල දිවයින තරගයේදී ලකුණු පූවරුව දැක් වුණේ 21 – 15,12 -21 සහ 15 – 7 ක් ලෙසයි.ඊට වඩා තරගකාරීත්වයක් ඇති වූ කටාර් තරගයේදී ශ්‍රී ලංකාව පළමු වටයේ දී ලකුණු 21 – 18 ක් ලෙස ජය ගත්තද,දෙවන වටයේදී කටාරය ජය ගත්තේ 21 – 8 ක් ලෙස ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමින්.එහෙත් තෙවන වටයේදී යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව ලකුණු 15 – 12 ක් ලෙස එම තරග වටය ජය ගැනීමට සමත් වුණා.

කබඩි තරග සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා බාලක කණ්ඩායම තායිලන්තය පරාජය කරමින් ලකුණු 50 – 49 ක් ලෙස ජය ගැනීමට සමත් වුණත්,පකිස්තානය ඉිරියේ පරාජයට පත් වුණේ ලකුණු 55 – 36 ක් ලෙසයි.බාලිකා කණ්ඩායම බංගලාදේශය සමග පැවති තරගය ලකුණු 47 – 40 ක් ලෙස පරාජයට පත් වුණා.අද ශ්‍රී ලංකා බාලක කබඩි කණ්ඩායම ඉරානය සමඟ තරග වදින්නට නියමිතව තිබෙනව.