වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන දිනය වෙලාවේම වෙඩි තබා ඝාතනය කරලා. මේකද ජාතික ආරක්ෂාව ? – සජිත් ප්‍රශ්න කරයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මීට සුළු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත් ඔහුගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සභාපතිවරයා යනු මහජන නියෝජිතයකු බවත් මහජන නියෝජිතයන්ට පවා මහජන දිනය පවත්වාගෙන යන්න බැරි නම් එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...