කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්රධාන ජලාශ 05ක වාන් දොරටු විවෘත කර තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
දැදුරුඔය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු 2ක්, අඩි හතර බැගින් වාන් දොරටු 4ක් සහ අඩි තුන බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
අදාළ ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් කරනු ලබන ජල ධාරිතාව ඝනමීටර් 22,400කි.
රාජාංගනය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු 4ක්, අඩි හතර බැගින් වාන් දොරටු 4ක්, අඩි තුන බැගින් වාන් දොරටු හතරක් සහ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඉන් කලා ඔයට නිකුත් කෙරෙන ජල ධාරිතාව ඝනමීටර් 14,288ක් ලෙස දැක්වෙයි.
එමෙන්ම කිඹුල්වානා ඔය වැව, අඹකොළවැව සහ අලිකොට ආර යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත.
මේ අතර මධ්යම පරිමාණ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති අතර ජලාශ 09ක් වාන් මට්ටමට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කරයි.


