කාන්තාවකගේ සිරුරේ අයිතිය: බයිඩන් ගෙන් රිපබ්ලිකානුවන්ට එරෙහිව ‘ගැන්ග්ස්ට’ ප්‍රතිචාරයක්!

Date:

කාන්තාවකට හෝ පොදුවේ මනුෂ්‍යයකුට තම සිරුර පිළිබඳව තීරණ ගැනීමට ඇති අයිතියට මරුපහරක් එල්ල කරමින් ඉකුත් දිනක එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැනවූ ගබ්සා තහනම පිළිබඳව සංවාදය තවමත් අවසාන වී නැත.

ඊට හේතුව නම්, රිපබ්ලිකානු බලය හිමි එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක්ම මෙම තහනම බලාත්මක කිරීමට ලහි ලහියේ බලා සිටීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයකුට ද පැවරෙන බලතල සීමිත බැවින් මෙම තීන්දුව ට සෘජු විරෝධය පාන වත්මන් ජනපති ජෝ බයිඩන්ට ද කළ හැකි දෙයක් නැත.

එහෙත් මෙම තීන්දුවට අදාළව කාන්තාවන් ඇතුළු සියලු පුද්ගලයන්ගේ සිරුර පිළිබඳව තීරණ ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා තමා සතු බලයෙන් කළ හැකි උපරිමය කරන බව ඔහු මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණි.

එසේ තිබියදී ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ (21) දින MSNBC මාධ්‍ය ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අපූරු ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී නිවේදකයන් විමසා තිබෙන්නේ, රිපබ්ලිකානුවන් කොංග්‍රසයේ බහුතරය දිනාගෙන සමස්ත එක්සත් ජනපදය පුරාවටම ගබ්සා තහනම පැනවීමට කටයුතු කළහොත් ඔහු කරන්නේ කුමක් ද යන්න ය.

එහිදී බයිඩන් ජනපතිවරයා පවසා තිබෙන්නේ තම නිශේධ බලය යොදා ගනිමින් එම තීන්දුව අහෝසි කිරීමට තමා කටයුතු කරන බවයි. ඒ අනුව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් රිපබ්ලිකානුවන් විසින් ගනු ලබන ඕනෑම තීරණයක් නිශේධ කර දැමීමට තමා කටයුතු කරන බවට බයිඩන් එම නාලිකාවට පවසා තිබේ.

එළඹෙන මාසයේදී එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වීමට නිමිත අතර, කොංග්‍රසය තුළ රිපබ්ලිකානු විප්ලවය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඡායාරූප: GETTY IMAGES
Isuru Parakrama

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...