අහුංගල්ලේ වෙඩිතැබීමක්. කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල !

අහුංගල්ල ඌරගහ ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මව, පියා සහ මාස 4ක දරුවෙකි. ඔවුන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

RN