*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මත්පැන් නිෂ්පාදකයන් සතුටු කරන විදුලි පාරිභෝගිකයන් දුකට පත් කරන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙළතට සජිත්ගේ විරෝධය

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය නොකර ගෙන අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම නිහීන පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු කොම්පැනි කරුවන් සිගරට් කොම්පැනි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබා දී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝසමින් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

මේ වන විට ගම්මට්ටමින් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් බියර් බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක බවත් සංචාරක ප්‍රවර්ධනය යැයි පවසා විහාරස්ථාන, පාසල්, පෙරපාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ මෙවැනි බියර් බාර් විවෘත කිරීමට බලපත්‍ර ලබා දෙන බවත් මොවුන් මේ රට බේබදු කමේ පාරාදිසයක් බවට පත් කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නොමැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

තවද දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරිමට බවත් එසේ ගංජා වැනි දරුණු ප්‍රවර්ධනය කරන සමහර පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහි විකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවේ රටේ දරු පරපුර ගැන සිතන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකයි කිව්වත් එසේ නොවන බව මෙම සභාවේ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණයෙන් ඔප්පු වන බවත් මේ සභාවට පැමිණිය හැක්කේ අමද්‍යප පුද්ගලයන්ට බැවින් හෘද සාක්ෂියට අනුකූලව එය මෙහි දී ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම රටේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිදා බැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සදහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්තිසම්පන්ව සක්‍රීයව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර විසින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසි අය කළ යුතු නියම බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ඡන්ද දිනන කතා නොව ඡන්ද පැරදෙන කතා බවත් ඡන්දය දිනනවට වඩා රටේ අනාගතයේ සුබසිද්ධිය වෙනුවෙන් ඉතාම සමබර ලෙස තොරතුරු දත්ත මත පදනම්ව ගරා වැටුණු දේශීය නැවත ගොඩගන්නවාද කියා හෘද සාක්ෂියට අනුකූලව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අමද්‍යප ව්‍යාපාරය මෙවැනි සම්මේලනයකට පමණක් කේන්ද්‍ර නොවී රටේ සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම ගමකම සක්‍රියව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේ දී සාමාජිකත්වය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. සාමාජිකත්වය ලබා ගැනීම සේම කටවචනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාදාමක් බවට පත් කිරිම සිය අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan