*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ඇත්තටම මම බයයි – ඩඩ්ලි සිරිසේන හාල් මිල ගැනත් ජනාධිපති ගැනත් කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

සැප්තැම්බර් 29 වනදා සිටම තමන් සහල් නිකුත් කර ඇත්තේ පාලන මිලට පමණක්ම බවත් ඊට වැඩි මිලට තමන් සහල් අලෙවි කළ බවට කවුරුන් හෝ බිල්පතක් ඉදිරිපත් කළොත් ඔහුට තමන් සතුව ඇති මුළු වී තොගයම ලබාදෙන බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

“ජනාධිපතිතුමා ඉතා තදින්ම හිටියා හාල් මිලේ කිසිම වෙනසක් කරන්න බෑ, ලබන කන්නයේ වී අස්වනු නෙළනකල් වගකීමක් යුතුකමක් සැලකීමක් වශයෙන් මේ මිලට හාල් දෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙම නැතිවුණොත් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා කියලාත් බොහොම සුහදව පැවසුවා”

ප්‍රශ්නය – ඔබතුමාලාට පුළුවන්ද ඒක කරන්න ?

“අනිවාර්යයෙන්ම ඉතින් මම නම් මේ ඉල්ලීමට මුලදිම කැමති වෙලා හිටියේ. ඇත්තටම දැන් මේ ඉල්ලීම කරන එකේ කිසිම ප්‍රශ්නෙකුත් නැහැ, මොකද දැන් ඔය සියලුම වී තියෙන්නෙ ගොවියෝ අතේ නෙවෙයි, ව්‍යාපාරිකයො අතේ. ඒක නිසා ඒ වාගෙ පැහැදිලි තීන්දුවක් ගත්තාට ඒකෙ කිසි ගැටලුවක් නෑ, ගත යුතුමයි”

ප්‍රශ්නය – අපි දැක්කා අලුත් ජනාධිපතිතුමා පත්වුණු ගමන් ඔබ කිව්වා සහල් මිල අඩුකරනවා, පාලන මිලකට දෙනවා, ඒ සිස්ටම් එකත් අපි වෙනස් කරන්නම් කියලා. දැන් එහෙම දෙයක් වෙලාද ?

“මම ඒ ප්‍රකාශය කරලා දින කිහිපයක් යන කල් ඒ තත්වය පැවතුණා වෙළඳපොලේ. නමුත් රටේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකයො කීපදෙනෙක් එකතුවෙලා වෙළඳපොලට සහල් නිකුත් කිරීම නතර කළා. ඒකෙන් හාල් හිඟයක් ඇතිවුණා. හිඟය ඇති කරලා මිල වැඩි කළා. අද මම ජනාධිපතිතුමාව ඒක ගැන දැනුවත් කළා. මිල වැඩි කළැයි කියලා වී තියෙන ප්‍රමාණය වැඩියෙන් එනවාද ? නෑ නෙ. ඒක නිසා ඒ තියෙන වී ප්‍රමාණය රජයේ සහතික මිලට දෙන්නය කියලා මමත් අද ඉල්ලීමක් කළා”

ප්‍රශ්නය – කඩවල්වලට ගිහින් ඉල්ලුවාම ඔය මිලට ඩඩ්ලිගෙන් ඉල්ලාගන්න, අපට දෙන්න විදියක් නෑ කියලා තමයි මුදලාලිලා කියන්නෙ ?

“රටේ අවශ්‍යතාවයෙන් 7%ක් නැත්නම් 8%ක හාල් ප්‍රමාණයක් තමයි මම නිකුත් කරන්නෙ. ඉතින් අනිත් 92% වෙළෙන්දෝ ඉතින් එහෙම කතා කරන එක සාධාරණයි”

ප්‍රශ්නය – දැන් සමාජයේ යනවා මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ජනාධිපතිතුමාට බයවෙලා කියලා කතාවක්. එහෙම එකක් තියෙනවාද ?

“ඔව්, මමත් ඒක දැක්කා. ඇත්තටම බයයි. මම නීතියට බයයි. නීතියට බය නැති ක්‍රමවේදයක් තුළින් මේ රටට අත්වුණු ප්‍රතිඵල ගැන මම වාගෙම මේ රටේ සමස්ත ජනතාවම දන්නවා. ඒක නිසා නීතිය ක්‍රියාත්මක කරවීම පිළිබඳ 100%ක් ජනාධිපතිතුමා සමග එකඟවෙලා මේ කටයුත්ත කරන්නයි මගේ ඉදිරි සැලැස්ම තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජනතාවට සහන ලැබෙයි සහල් මිලෙන් ?

“අනිවාර්යයෙන්ම ලබාදෙන්න ඕනෙ. මේ ප්‍රශ්නෙදී ගොවියන් විසින් නිෂ්පාදනය කරන වී ප්‍රමාණය පිළිබඳ ගොවියෝ දැනුවත් කරලා, ප්‍රතිශතයක් හැටියට 60%ක නාඩු වීත් ඉතිරි 40% සම්බා, කීරි සම්බා, රතු වී වාගේ කුඹුරු කළොත් ගොවියාටත් ඉතාම උසස් තත්වයේ මිලක් ලබාගන්න පුළුවන්. මං මේක හැමදාමත් කියනවා, ඒත් මෙතෙක් කෙරුණේ නෑ. මං මේ ගැන අදත් ජනාධිපතිතුමා දැනුවත් කළා”

ඩඩ්ලි සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan