අනුරගේ ප්‍රලාප දැන් සමාජ මාධ්‍යවල විහිළුවට ලක්වෙලා තියෙන්නේ. එක පෝයයි ගියේ, හාලුත් නෑ – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ජනාධිපතිවරණයේදී වෛරයෙන් සහ කෝපයෙන් සිටි ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් නමුත් එම පක්ෂයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ දිනවල සිදු කළ ප්‍රකාශ පසුපස කිසිදු පදනමක් නොතිබුණු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මේ පාර 43%ක් ඡන්දය දුන්නා, වෛරයෙන් කෝපයෙන් සිටි අය මාලිමාවට. හැමෝම ඇහුවා ඒ අයට නොදී කාටද දෙන්නේ කියලා. සාධාරණ ප්‍රශ්නයක්. මේ රටේ දීර්ඝ කාලයක් ජනතාවට දූෂිත කටයුතු ඇස්පනාපිට පේනකොට, පොඩි මිනිහා තලා පෙළාගෙන ජීවත් වෙනකොට ඊට විරුද්ධ බලවේගයක් ලෙස මතුවුණු කෙනාටයි ඡන්දය දුන්නේ.

ඔහුගේ ප්‍රලාප දැන් විහිළුවට ලක්වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යවල. ඔහු ඒ කියපු ප්‍රකාශවල පිටිපස්සේ කිසිදු පදනමක් තිබුණේ නෑ. ලංකාවේ ජනතාව දුක්විඳින අන්තිම පෝය කියලා කිව්වා. දැන් එක පෝයයි ගියේ… හාලුත් නෑ”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 22) ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...