අනුරගේ ප්‍රලාප දැන් සමාජ මාධ්‍යවල විහිළුවට ලක්වෙලා තියෙන්නේ. එක පෝයයි ගියේ, හාලුත් නෑ – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ජනාධිපතිවරණයේදී වෛරයෙන් සහ කෝපයෙන් සිටි ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් නමුත් එම පක්ෂයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ දිනවල සිදු කළ ප්‍රකාශ පසුපස කිසිදු පදනමක් නොතිබුණු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මේ පාර 43%ක් ඡන්දය දුන්නා, වෛරයෙන් කෝපයෙන් සිටි අය මාලිමාවට. හැමෝම ඇහුවා ඒ අයට නොදී කාටද දෙන්නේ කියලා. සාධාරණ ප්‍රශ්නයක්. මේ රටේ දීර්ඝ කාලයක් ජනතාවට දූෂිත කටයුතු ඇස්පනාපිට පේනකොට, පොඩි මිනිහා තලා පෙළාගෙන ජීවත් වෙනකොට ඊට විරුද්ධ බලවේගයක් ලෙස මතුවුණු කෙනාටයි ඡන්දය දුන්නේ.

ඔහුගේ ප්‍රලාප දැන් විහිළුවට ලක්වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යවල. ඔහු ඒ කියපු ප්‍රකාශවල පිටිපස්සේ කිසිදු පදනමක් තිබුණේ නෑ. ලංකාවේ ජනතාව දුක්විඳින අන්තිම පෝය කියලා කිව්වා. දැන් එක පෝයයි ගියේ… හාලුත් නෑ”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 22) ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...