කොළඹ LNW: මහ මැතිවරණයට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා නිවාඩු අවලංගු කිරිමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අසනීප තත්ත්වයක් හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් තම පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීමේ හැකියාව පවතියි.
ආශිකා බ්‍රාහ්මණ