ආගිය අතක් නැතුව සිටි ජොන්ස්ටන් CID එයි!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටින බව වාර්තා වෙයි.

ලියාපදිංචිය නොකරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් නීතිවිරෝධීව තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අරඹා තිබුණු අතර ඔහුව සොයා ගැනීමට නොහැකි විය.

කෙසේවෙතත් ඔහු ඊයේ (22) දින සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමින් අද දින ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බවයි.

මීට පෙර බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැදවා තිබුණ ද ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ප්‍රකාශයක් ලබා දීමට පැමිණ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෙරටදී එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් දමා තිබියදී සොයා ගැනුණි.

මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන අතර එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...