ආරුගම්බේ අවදානම ගැන පොලීසියෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ආරුගම්බේ ප්‍රදේශය ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට වාර්තා වී ඇති බවට එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් මගින් මෙරට සංචාරයේ නිරත සිය පුරවැසියන්ට දැනුම් දී තිබුණු අතර එම අනතුර ඇගවීම බුද්ධි අංශ මගින් කල්තියා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණු බවත්, ඊට අදාල පියවර ආරක්ෂක අංශ විසින් ගනිමින් සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

පොතුවිල් සහ ආරුගම්බේ යන ප්‍රදේශ ඊශ්‍රායල ජාතික සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන හෙයින් ඔවුන් සර්ෆිං ක්‍රීඩාව සදහා එම ප්‍රදේශවලට පැමිණෙන නිසා ඒ සදහාඔවුන්ගේම වූ ස්ථානයක් (ගොඩනැගිල්ලක්) ම ප්‍රදේශයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ප්‍රහාරයක් එල්ල විය හැක්කේ එම ස්ථානය ඉලක්ක ගනිමින් බවට තොරතුරු ලැබී තිබුණු බව ඔහු කියාසිටියි.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ අතර විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අද පෙරවරුවේ අවධාරණය කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත අතර එහි මූලික පියවරක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටලුවකදී 1997 දුරකථන අංකය වෙත දැනුම් දීමේ අවස්ථාව අද සිට සලසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...