*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව නැඟී එන ආසියානු කුසලානය දෙසට තවත් පියවරක් තබයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 23, (LNW) කොළඹ :නැගී එන ආසියානු සූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසාන පරීක්ෂණය සාර්ථකව සමත් වෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙනවා.ඒ බංගලාදේශ ඒ කණ්ඩායම ලකුණු 19 න් පරාජයට පත් කරමින්.දෙපැත්තට දෝලනය වෙමින් ඇදුණු තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කණ්ඩායමේ මුල් පෙළේ පිතිකරුවන්ගේ දායකත්වය පදනම් කරගෙන පන්දු ඕවර් 20 නිමාවේ ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 162 ක් කරන්නට සමත් වුණා.

පවන් රත්නායක (42) සහ සහන් ආරච්චිගේ (30) ඒ සදහා හොඳම පදනම දැමූ ක්‍රීඩකයින් දෙදෙනා වූණා.ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.තරගය ආරම්භයේදී ම ලහිරු උදාර (35) සහ යශෝධ ලංකා (23) එකතු කළ ලකුණු 40 ද හොඳ ආරම්භයක් ලබා දුන්නා.බංගලාදේශ පන්දු රැකීමේ යම් අඩු පාඩුද ශ්‍රී ලංකා ලකුණු පූවරුවට හොඳ තල්ලුවක් ලබා දුන්නා.එසේම මේ ලකුණු ප්‍රමාණය තව දුරටත් වැඩි කර ගන්නට හයේ හතරේ පහරවල් නොවුණාට කඩුලු අතර දිවීමේ හැකියාව මීට වඩා පොහොසත්ව තිබුණානම් හැකි වෙනවා.

කෙසේ වුවත් නුවනිදු ප්‍රනාන්දු,ආරම්භක පන්දු යවන්නන් ලෙස දෙපසින්ම දඟ පන්දු යවන්නන් යොදා ගැනීම එතරම් සාර්ථක වුණේ නැහැ.එහි ප්‍රතිපලයක් හැටියට ආරම්භක් පිතිකරුවන් දෙදෙනා මුල් ඕවර් කිහපයේ දි බංගලාදේශයට ජයග්‍රහණය පහසු ඉලක්කයක් වී ඇති බවට ඉඟි පෙන්නා දුන්නා.එහෙත් වේග පන්දු යවන ඒෂාන් මාලිංග කැඳ වූ වහාම ඔහු වේගයෙන් පන්දුවට පහර දෙමින් සිටි පර්විස් හොසේන්ව කීඩා පිටියෙන් ඉවත් කරන්නට සමත් වෙනවා.අනිත් අන්තයේ සිටි සායිෆ් හසන් ආබාධයක් මත පිටියෙන් ඉවත් වෙන විට ඔහුගේ දායකත්වය 29 ක් වී තිබිණ.

සමහර විට සායිෆ් ඉවත් නොවුණානම් වෙන හැඩයක් ගන්නට තිබුණ ද, ශ්‍රී ලංකාව දුශාන් හේමන්ත හදුන්වා දීමත් සමඟ තරගයට වේගයෙන් ඇතුල් විණ.පවන් රත්නායක අතින් උඩ පන්දු දෙකක් ගිලිහී යාම හැරෙන්නට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉහළ මට්ටමක තිබිණ.බංගලාදේශ පිිතිකරුවෝ කඩුලු අතර වේගයෙන් දිවූහ.ඒ සියල්ල සමග පන්දු ඕවර් 20 නිමා වන විට ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 142 කි.කඩුලු 7 ක් ඒ අතරවාරයේ ඔවුන්ගෙන් උඳුරා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.ඒෂාන් මාලිංග අවසාන ඕවර් කිහිපය උපායශීලීව පන්දු යවමින් ලකුණු අඩු කරන්නට ඇති හැකියාව පෙන්නීම,කලකට පසු එවැනි වේග පන්දු යවන්නෙක්ගේ අවශ්‍යයතාවය දැනෙන ජාතික කණ්ඩායමට වුව වැදගත් විය හැකිය.
තරගයේ වීරයා වෙමින් දුශාන් හේමන්ත ලකුණු 23 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.තරගයේ වරක් බංගලාදේශය දෙසට තරගය විශාල වශයෙන් හැර වූ පන්දු ඕවරයක් යැවීමේ අපහසුව විඳ ගන්නට සහන් ආරච්චිගේට සිඳු විය.එම ඕවරයේ දී සායිෆ් සහ පර්විස් යන ආරම්භක පිතිකරු යුගලය සහන්ගෙන් ලකුණු 22 ක් උඳුරා ගන්නට සමත් විය.

තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න → https://es.pn/3C4wu7S
තරගයේ විනිසුරු කටයුතුනම් සෑහීමකට පත් විය හැකි ආකාරයකට නොපැවත්විණි.සහන් ආරච්චිගේ විසින් එල්ල කළ හයේ පහරක් තෙවන විනිසුරු විසින් හයේ පහරක් නොවන බව තීරණය කරන තැන සිට අවසාන මොහොතේ විනිසුරු නිශ්ක්‍රීය කරන ලද පන්දුවකට හයේ පහරක් එල්ල කිරීම දක්වා දෙපසටම සසැලෙන තීරණ ලැබීම මෙහිදී දැක ගන්නට ලැබුණු දෙයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan