මින් ඉදිරියට නියමිත දින සිට මාසයක් ඇතුළත සුරාබදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අවලංගුයි – ඇමති නිශාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මින් ඉදිරියට නියමිත දින සිට මාසයක කාලයක් තුළ සුරාබදු නොගෙවන්නේ නම් අදාළ සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

“මේ වන විට හිඟ බදු බිලියන 10.5ක් අය කර ගත යුතුව තිබෙනවා. මේ මුදල් අතර හිඟ බද්ද ලෙස බිලියන 4.5කුත් හිඟ බදුනොගෙවීම නිසා සියයට තුනක දඩ මුදල ලෙස බිලියන 5.8කුත් තියෙනවා. නීතිමය බාධාවන් නිසා මේ බදු අය කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. අමුද්‍රව්‍ය මත ගෙවිය යුතු මිලියන 223ක ප්‍රමාණයක් අය කර ගැනීමටත් බාධා එල්ල වෙලා තිබෙන බවත් කිව යුතුයි.

යම් නිෂ්පාදකයෙක් මාසයේ පළමු සති දෙකේ නිෂ්පාදනය කරන මත්පැන් වෙනුවෙන් වන බදු එම මස අවසානයට පෙර ගෙවීමට නියමිත වෙනවා. නියමිත දිනට එලෙස බදු ගෙවීමට අපොහොසත් වෙනවා නම් ප්‍රමාද වන හැම මාසයක් සඳහා ම ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. බදු නොගෙවනවා නම් බලපත්‍රය අහෝසි කිරීමේ විධිවිධානයක් සුරාබදු ආඥා පනතට අයත් වෙනවා. ඒ අනුව සුරාබ දු නොගෙවා මාස හයක උපරිම කාලයක් නිෂ්පාදන කටයුතු කරන්න හැකියාව තියෙනවා. බලපත්‍රය අහෝසි වෙන්නේ නෑ. මේක යොදාගෙන ඇතැම් නිෂ්පාදන ආයතන එම කාලය ම නොගෙවා ඉන්නවා. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු මේ අයට බදුගෙවන්න කියලා නිවේදන නිකුත් කළා. ඒ අනුව විශාල දෙනෙක් ගෙව්වා, නොගෙවා සිටි කිහිිප දෙනෙකුගේ බලපත්‍ර අහෝසි කළා. මෙලෙස බදු නොගෙවාසිටීම වළක්වා ගන්න අපි සංශෝධනයක් ඉදිරිපත් කළා.

නව සංශෝධනය අනුව දින 15ක් තුළ බදු ගෙවිය යුතුයි. නැත්නම් සියට තුනක ප්‍රමාද ගාස්තුව අය කරනවා. තවදුරටත් කෙනෙක් නියමිත දින සිට මාසයක් අතුළත බදු නොගෙවන්නේ නම් වහාම නිෂ්පාදන බලපත්‍රය අහෝසි වෙනවා. මෙතැනදී අහෝසි වෙන්නේ නිෂ්පාදන බලපත්‍රය විතරයි. එතෙක් නිපාදනය කරන මත්පැන් විකුණා ලබන මුදලින් අදාළ බද්ද ගෙවා නිෂ්පාදන බලපත්‍රය ආපසු ලබාගන්න ඔවුන්ට හැකියාව තියෙනවා. නමුත් දින 90කට වැඩි කාලයක් නොගෙවනවා නම් සියලුම බලපත්‍ර අහෝසි කර ඒ සියලු බදු මුදල් අය කරගැනීමට විශේෂ නියමයක් යොදා තියෙනවා. බදු අය කර ගැනීම කාර්යක්ෂම කර ගැනීම මෙහි අරමුණයි.”

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනත යටතේ අලුතින් ඉදිරිපත් කර ඇති නියෝග සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...