තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල මාලිමා මන්ත්‍රී රිමාන්ඩ් !

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු නොවැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය ඊයේ (22) නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන දිනේෂ් සමන්ත කුමාර විජේසිංහ නමැත්තෙකි.

සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් අලෙවි නියෝජිත ආයතනයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට කරන ලද ලිංගික හිරිහැරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල පොලීසිය විසින් ඔහුව පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නියුතු භික්ෂූන් ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ නියෝගයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා කොළඹ...

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...