නිකම් හිතන්න අර දැන් සතියකට විතර ඉස්සර අර සියඹලන්ගමුව කුඹුරක කාවන්තිස්ස වැටිලා හිටපු තැනට සජිත් තිබ්බ අඩිය ගැන. ඒ මඬ වෙලා තිබ්බ කුඹුර ළඟට ගොඩක් අය ගියා අපි දැක්ක. ඒ අතර පරිසර ඇමතිතුමා ධම්මික පටබැඳි මහත්තයත් උන්න. වනජීවී එකේ ප්රතිකාර කරන අය සහ ගම්වැසියෝ සහ තවත් අය මඬ කුඹුරට බැස්ස. හැබැයි ටිකක් දේශපාලනයේ අපි දන්නා කියන අයගෙන් මඬ කාගෙන කුඹුරටම බැස්සේ සජිත් විතරයි.
මම හිතනවා ඔහු ඒ සියඹලන්ගමුව මඬ කුඹුරට තිබ්බ පය ඔහුගේ දේශපාලන ජීවිතය වෙනස් කරපු පියවරක් වෙන්න නියමිතයි කියල. ඔහු මිට කලිනුත් ඔය ඒදණ්ඩවල් වල අරහේ මෙහේ ගිහිල්ල තියනවා අවදානම අරගෙන. ඒ හින්ද මඩ කාලත් තියෙනවා. හැබැයි මේ පියවර විශේෂයි.
මේ පියවර තිබ්බේ ඔහු කාගෙන්වත් අහල නෙවෙයි. උපදේශකයෝ කියන හින්දත් නෙවෙයි. කැමරාවටත් නෙවෙයි. ඇතාට තිබ්බ ආදරේ නිසා ඔන්න ඔහේ තිබ්බ. ඇතාට උම්ම දුන්න. ආදරෙන් තට්ටුවක් දැම්ම. එතන ගැවසිල හිටිය. පස්සේ පාංශකූලේත් දුන්න. හැබැයි සියල්ල පටන්ගත්තේ අර මඩට තිබ්බ කකුලෙන්.
මම මේක ගන්නේ වෙනත් තැනකින්. ආදර්ශයක් විදියට. ඒ කියන්නේ අපිට යමක් ළඟට යන්න පුළුවන් උපරිමය ගිහිල්ල (ධම්මික ඇමතිතුමා වගේ) නතර වෙන තැනක් එනවනේ. ඊට පස්සේ යන්න ඕනි නැහැ. ඇත්තටම ආපු දුර ඇති ඒ වැඩේ හැටියට. අපේ හිත කියනවා දැන් ඇති කියල. ඒක හරි.
ඒ කියන්නේ ධම්මික ඇමතිතුමා ඇමතිවරයෙක් හැටියට රාජකාරිය ඇතුලේ ආපු දුර ඇති. ඉන් පස්සේ තවත් පොඩ්ඩක් ගියේ නැහැ කියල කවුරුත් මොනවත් කියන්නේ නැහැ. තමන්ගේ හිතට පවා ඒ දුර ඇති. වරදකාරී බවක් නැහැ.
හැබැයි මම ඔය විභාගේට පාඩම් කරන්න ළමයින්ට කියන්නේ ඔයාල උත්තරේ ලියල ලියල දැන් ඇති කියල හිතනවනේ. මහන්සිත් එක්කනේ. ඒ නිසා වැඩේට තිත තියන්න වෙලාව හරි කියල හිතෙනවා නේ. අන්න ඒ වෙලාවට තව පොඩ්ඩක් මහන්සි බලන්නේ නැතුව එක්කෝ තව පොඩ්ඩක් කරුණු ලියන්න බලන්න. නැත්නම් උත්තරේ ආයේ කියවන්න. ව්යාකරණ දිහා බලන්න. එඩිට් කරන්න. ඒ වගේ තවත් පොඩ්ඩක් දුර යන්න. ඔයාල හිතුවේවත් නැති තැනකට ඒ පොඩි අමතර මහන්සිය ඔයාල අරන් යාවි කියල.
ඔයා නතර වෙන්න හිතන තැනින් අනික් අයත් හිතන්නේ නතර වෙන්න තමයි. හැබැයි තව පොඩ්ඩක් යන්න පුළුවන් නම් යන්න. එතනින් තමයි ඔබ වෙනස් වෙන්නේ.
ගවේෂකයෙක් උනත් එහෙමයි. ගමනාන්තයට ඇවිල්ල ඉවරයි තමයි. හැකිනම් තවත් පොඩ්ඩක් යන්න බලන්න. සමහර විට අනික් කවුරුවත් නොසිතපු දෙයක් කරා ඔබ යනවා වෙන්න පුළුවන්.
නීල් ආමස්ට්රෝන් සඳ මත කකුල තියල තව පොඩ්ඩක් ගියා. කකුල තිබ්බ එකම ඇති. ඉතුරු ටික බෝනස්.
සජිත් ඒ මඩට තිබ්බ කකුල නිසා මිනිස්සු කවදාවත් නැති විදියට ඔහු ගැන කතා කළා. ඔහු කවුද කියල දැනගත්ත. වසර ගණනක් ලැබුනේ නැති ආදරයක් සහ අවධානයක් මේ තීරණාත්මක මොහොතේ ඔහු ලබාගත්ත. ඒ ඔක්කොම අර මඩට තිබ්බ කකුල නිසා ඔහුට ඔහුගේ දේශපාලන ජිවිතයේ ලැබෙන බෝනස්.
ඔය අමතර අඩිය සජිත් තුල හැමදාම තිබ්බ. හැබැයි හරියට පත්තු වුණේ මෙදා. ඒ අඩිය ඔස්සේ ඔහු මඬින් ගොඩ ආව.
දේශපාලඥයෝ කියන්නේ මහ අමතු ජාතියක් කියල මම හැමදාම කියන්නේ ඒකයි.
~ මහේෂ් හපුගොඩ
පෙර සබැඳි…. අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….බිසී නැති සජිත්….
බිසී නැති සජිත්….


