දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි ආපදා තත්ත්වයන් සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා අඩාල වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය නිවෙස්වල ගබඩා කර තබාගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය එරට ජනතාවට උපදෙස් දී තිබෙනවා.

බ්‍රිතාන්‍ය රජය විසින් ආරම්භ කර ඇති “Be Ready” නමැති ජාතික සූදානම් කිරීමේ වැඩසටහන යටතේ මෙම උපදෙස් ලබා දී ඇති අතර, සතුරු රාජ්‍යයන්ගෙන් හෝ ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ල විය හැකි සයිබර් ප්‍රහාර හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් දාමයන්ට මෙන්ම සුපිරි වෙළෙඳසැල්වල විද්‍යුත් මුදල් ගෙවීමේ පද්ධතිවලට ද බාධා ඇති විය හැකි බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටින් (Wes Streeting) පෙන්වා දී තිබෙනවා.

එවැනි තත්ත්වයකදී සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බැවින්, හදිසි අවස්ථාවක් උදා වූ පසු ක්‍රියාත්මක වීමට වඩා ඊට පෙර සූදානම් වීම වැදගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මේ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති විය හැකි දරුණු කුණාටු, ගංවතුර සහ ලැව්ගිනි වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ විදුලිය, ජල සැපයුම, දුරකථන සන්නිවේදනය සහ අන්තර්ජාල සේවා අඩාල වීමේ අවදානම ද රජය පෙන්වා දී ඇති අතර දින තුනකට ප්‍රමාණවත් බෝතල් කළ පානීය ජලය සහ කල් තබා ගත හැකි ආහාර නිවෙස්වල තබා ගැනීමට අමතරව, විදුලි පන්දමක්, අමතර බැටරි, ප්‍රථමාධාර කට්ටලයක්, අත්‍යවශ්‍ය ඖෂධ, ආරෝපණය කළ හැකි බලශක්ති බැංකුවක් (Power Bank) සහ හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි මුදල් ද සූදානම් කර තබා ගැනීම සුදුසු බව උපදෙස් මාලාවේ සඳහන් වනවා.

බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරන්නේ මෙම උපදෙස් ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම සඳහා නොව, අනපේක්ෂිත හදිසි තත්ත්වයන්ට වඩාත් හොඳින් මුහුණ දීමට අවශ්‍ය සූදානම ඇති කිරීම සඳහා වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...