මහින්ද සමරසිංහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් පිළිගන්වයි

Date:

2022 ඔක්තෝම්බර් 19 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිල උත්සවයක් අතරතුර තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හි සිටින මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් එක්සත් ජනපදයේ සිටින මෙක්සිකානු තානාපතිවරයා වන එස්ටෙබාන් මොක්ටෙසුමා මැතිතුමා වෙත පිළිගැන්වී ය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන්  අනතුරුව පැවති හමුවේ දී සිය අදහස් පළ කළ තානාපති සමරසිංහ මැතිතුමා, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා දෙරට අතර පවතින සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙස  වී කටයුතු කිරීම සඳහා තමන් දැඩි අධිෂ්ඨානයකින් පසුවන බව ප්‍රකාශ කළේ ය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව කෙරෙහි හිතකර වෙළඳ ශේෂයක් ද සහිතව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වන  15 වැනි අපනයන ගමනාන්තය බවට මෙක්සිකෝව පත්ව ඇති  බව මෙහිදී සඳහන් කළ එතුමා, දෙරට අතර පවතින ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින මූල්‍ය අර්බුදය සහ ඒ ආශ්‍රිත ප්‍රවණතා පිළිබඳව පැහැදිලි කළ තානාපති සමරසිංහ මැතිතුමා, මෙක්සිකෝව ඇතුළුව විශ්වාසනීය ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ද ඇතිව වත්මන් අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිබඳව අවධාරණය කළේ ය.තවද, මෙක්සිකෝව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු වන බැවින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම හා සබැඳි මෑත කාලීන වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද තානාපතිවරයා විසින් සිය මිත්‍ර පාර්ශ්වය දැනුම්වත් කරන ලදී.

තානාපති සමරසිංහ මැතිතුමාට සිය අක්තපත්‍ර මෙක්සිකෝවේ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ නිල උත්සවයක්  නුදුරේදීම සුදානම් කරන බව සඳහන් කළ තානාපති මොක්ටෙසුමා මැතිතුමා, ඒ අතරතුර, එනම් අද සිට මෙක්සිකෝවේ  ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු නිදහසේ ක්‍රියාත්මක කිරීමට තානාපති සමරසිංහ මැතිතුමාට හැකිවන බවත් ප්‍රකාශ කළේ ය.  ශක්තිමත් සැපයුම් දාමයක් සහිත මෙක්සිකෝව එක්සත් ජනපදය සහ කලාපයේ ප්‍රධාන ආර්ථිකයන් කිහිපයක් සමඟ ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් පවත්වන බව ප්‍රකාශ කළ එතුමා, කලාපය තුළ සිය පැවැත්ම පුළුල් කිරීම සඳහා මෙක්සිකෝවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳ ක්ෂේත්‍රවලින් ප්‍රයෝජන ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය. 

වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා සහ මෙක්සිකානු  තානාපති කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2022 ඔක්තෝබර් 21 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...