ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනපති ලෝකයට මහඟු ආදර්ශයක් දී තිබෙනවා – රුහුණේ කුලපති හිමි

Date:

කෘතහස්ත ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමියෝ පවසති.

“අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සිටින කෘතහස්ථම දේශපාලන නායකයෙක් ලෙස කාගෙත් බුහුමනට පාත්‍ර වෙලා සිටිනවා. අද ලෝකයේ සියලු රටවල් අප රට දෙස බලා සිටිනවා.

තමා සතු බලතල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පාර්ලිමේන්තුවට පැවරීමේ ඒ මහඟු ක්‍රියාවලිය ආරම්භ කර 22 වන සංශෝධනය 2/3 ක ඡන්දයෙන් ජයග්‍රාහීව අවසන් කිරීමට ලැබීම ජනාධිපතිතුමා මේ රටේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ ඉතාමත් වැදගත් ක්‍රියාදාමයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදී සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අද අප දෙස බලා සිටින බැවින් ඒය ඉතා වැදගත් වෙනවා.

2022 වසරේ පෙබරවාරි, මාර්තු මාස වෙනකොට මේ රටේ ඉදිරිය පිළිබඳ ඉතා භයංකර තත්ත්වයක් මතුව තිබුණා. රටේ ජනතාව ඒ දෙස බලා සිටියේ ඉතා විප්ෂිප්තව. ඒම අභියෝගකාරී අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් සියලුදෙනාගේ කැමැත්තෙන් මේ අභියෝගය භාර ගැනීමට ඉදීපත් වුණේ අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා.

ඒවකට අපට ආහාර අහේනියක් තිබුණා, පොහොර නැති නිසා ආහාර නිෂ්පාදනය අඩු වුණා. තෙල් පෝළිම් තිබුණා, ගෑස් පෝළිම් තිබුණා. මේ ආකාරයේ අභියෝග රැසක් ජයග්‍රහණය කර සියලු රටවැසි ජනතාවට යම් සහනයක් ලැබෙන අයුරින් අපේ ජනාධිපතිතුමා මෙම කටයුතු අද ඉදිරියට කරගෙන යනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට, ඒ වගේම කාරක සභා බල ගන්වමින් විශාල සේවයක් සිදු කිරීමට කටයුතු සලස්වා තිබෙනවා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු සංවිධාන ගණනාවක් ශ්‍රී ලංකාවට මෙම අභියෝග ජය ගැනීම සඳහා සහාය දැක්වීමට ජනාධිපතිතුමාට පොරොන්දු වෙලා තිබෙනවා.

දුෂ්කර කාලපරිච්ඡේදයක් තමයි අද අපි සියලුදෙනා ගත කරමින් සිටින්නේ. ඉතිහාසය දෙස බලන විට මේවා අපට අලුත් දේවල් නෙවේ, වළගම්බා රජ සමයේ බැමිණිතියාසාය ඇවිල්ලා මේ රටේ සම්බුද්ධ ශාසනයම නැති වෙන්න ගියා. ත්‍රවිධ රත්නයේ බලයෙන් ඒදා රට ආරක්ෂා වුණා සේම කළුවලාවක රිදිරේඛාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අභියෝගය භාර ගැනීම නිසා රටට සැනසුම් සුසුම් හෙළන්න අද හැකියාව ලැබී තිබෙනවා.

දීර්ඝ කාලයක් විරුද්ධ පක්ෂය ලෙස කටයුතු කළ ඒ පිරිසගේ සහයෝගයන් තමයි අද ඒතුමා සියලුදෙනාගේ බුහුමනට පාත්‍ර වෙමින් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ.

ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල, විමධ්‍යගත කර පාර්ලිමේන්තුව සතු කරමින් ඒතුමා ගත් මේ ක්‍රියාමාර්ගය මේ රටේ අභිවෘද්ධියට හේතුවනවා නොඅනුමානයි.

ඒ වගේම් අපේ ජනාධිපතිතුමා බොහෝ ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්, බොහෝ පොත පත කියවන කෙනෙක්. ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක්, ඒතුමා බොහෝ වෙහෙස මහන්සියෙන් දිනකට පැය 18ක් පමණ මේ රට වෙනුවෙන් තමන්ගේ කාලය යොදවමින්, දනය, ශ්‍රමය, බුද්ධිය වැය කරමින් ඉටු කරන සේවාව අගය කරමින් ඒතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා”

සේදවත්ත, වේරගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ පැවැත්වුණු අතර ඒහිදි අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...