“විනීතව හැසිරෙන්න”එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඉරානය, ඇමරිකාවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පසු නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඉරාන තානාපතිවරයා අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ඉරාන තානාපති අමීර් සයිඩ් ඉරවානි (Amir Saeid Iravani) ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ කුරිරු අපරාධ සහ සිවිල් යටිතල පහසුකම් හිතාමතා සහ නොනවත්වා ඉලක්ක කිරීම සිදුවෙමින් පවතින බවත් එය ජාත්‍යන්තර නිතිය උල්ලංඝනයක් හා යුධ අපරාධයක් වන බවත්, අමෙරිකානු නියෝජිතයාට විනීත (Polite) වන්න කියා උපදෙස් දෙන බවත්, එය ඔබටත් ඔබ නියෝජනය කරන රටටත් යහපත් වනු ඇති බවත්ය.

මෙයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු තානාපති මයික් වෝල්ස් (Mike Walz) කියා සිටියේ දස දහස් ගණනින් සිය ජනතාව ඝාතනය කරන පාලන තන්ත්‍රයක් නියෝජනය කරන පුද්ගලයෙකුට පිළිතුරු දී තම කාලය නාස්ති කිරීමට සූදානම් නැති බවයි.

මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර ඇත්තේ කමේනිගේ මරණය වෙනුවෙන් පළිගැනීම තම රටේ “නීත්‍යානුකූල අයිතියක් සහ වගකීමක්” බවයි. මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස හඳුන්වන ඉරානය, අමෙරිකාවට එරෙහිව තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සපථ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට...

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...