*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/23

1. එළඹෙන නොවැම්බර් 04 වන දින සිට ශ්‍රී ලංකාවට Air France සහ Royal Dutch Airlines ගුවන් ගමන් යළි ආරම්භ වේ – මීට ඉහත ශ්‍රී ලංකාවට රුසියානු Aeroflot ගුවන් ගමන් ද යළි ආරම්භ කරන ලදී – කොවිඩ් උවදුර මත ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබිණි.

2. මහ බැංකුව විසින් ඉකුත් සතිය තුළ තවත් රු. බිලියන 29 ක ‘මුදල් මුද්‍රණය’ කර තිබේ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ධුරයට පත්වී ගතව ඇති දින 196 තුළ සාමාන්‍යයෙන් දිනකට රු. බිලියන 3.5 බැගින් රු. බිලියන 683 තරම් වූ අතිවිශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබේ – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ ධුරකාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සාමාන්‍යයෙන් දිනකට රු. බිලියන 2.2 ක් වන අතර, සන්සන්දනාත්මකව බැලූ කල, වත්මන් අධිපතිවරයාගේ ධුරකාලය තුළ නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත්වල ඉහළ යාම සියයට 59 කි!

3. පාර්ලිමේන්තුවට බලය ලබා දෙමින් විධායක ජනාධිපතිධුරයේ අසීමිත බලතල අහෝසිකරමින් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හරහා ජනපති රනිල් වික්‍රමසිංහ ලෝකය හමුවේ පූර්වාදර්ශයක් තබා ඇති බව රුහුණ විශ්ව විද්‍යාලයේ අධිපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමි පවසති.

4. අතිරේක සියයට 2.5 ක් වූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් වී මිලදී ගැනීම සහල් නතර කර දැමීමට මෝල් හිමියන් විසින් තීරණය කර ඇති බව තිස්සමහාරාම සහල් නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්.එච්. ගාමිණී පවසයි – මෙහි ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සියයට 75 කින් පමණ වැසී යා හැකි බව අනතුරු අඟවයි.

5. ආනයන මාසයක කාලයකට හෝ ආවරණය කිරීමට ශ්‍රී ලංකාවේ පවතින විදෙස් සංචිත ප්‍රමාණවත් නොවන බව Fitch Ratings ආයතනය අනතුරු අඟවයි – මෙම හිඟය එළඹෙන මාස 12 – 18 ක පමණ කාලයක් දක්වා වත් ලිහිල් නොවනු ඇති බව පවසයි – 2022 මාර්තු අවසාන වන විට විදෙස් සංචිත ඇ.ඩො. මිලියන 1,917 ක පැවති අතර, සැප්තැම්බර් අවසාන වන විට ණය පැහැර හැරීම නිවේදනය කර තිබියදීත්, ඉන්ධන සීමා පනවා තිබියදීත් සහ සෘජු ගිණුම් ගෙවීම් (on-account payments) නවතා දමා තිබියදීත් විදෙස් සංචිත ඇ.ඩො. මිලියන 1,777 දක්වා පහත වැටී ඇත.

6. ණය ප්‍රතිපත්ති පැනවීම ‘සංකීර්ණ’ කරුණක් සේ සැලකීමට රජය කටයුතු නොකළ යුතු බව ජනාධිපති ණය උපදේශක ආචාර්ය ශාන්ත දේවරාජන් පවසයි – බදු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව අවධාරණය කරයි – මීට ඉහත දී ශ්‍රී ලංකාව ණය පැහැර හැරිය යුතු බවත්, කල් තියා ණය පැහැර හැරීම නිවේදනය කිරීම හරහා එය ‘මෘදු’ ණය පැහැර හැරීමක් වනු ඇති බවත් යෝජනා කළේ ද මේ ශාන්ත දේවරාජන්ම ය.

7. මන්නාරමේ කිලෝ මීටර් 05 පමණ දිගකින් යුක්ත යෝධ වැවේ වැව් බැම්මෙහි පුපුරා යාම් නිරීක්ෂණය කළ හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවය – ඇතැම් පුපුරා යාම් අඟල් 3ක් පමණ ගැඹුරු බව අනාවරණය කරයි.

8. MV X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව මීට වඩා පාරිසරික දූෂණයක් සිදුවූ බවට පෙන්වා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළ යුතු බව සමුද්‍ර නීති විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය මාලිකා ගුණසේකර අවධාරණය කරයි – නැවෙහි සුන්බුන් ඒවා එකතු කිරීමේ සමාගමට මුදා හැරීමට පෙර මීට අදාළ අලාභය සඳහා පූර්ණ බැංකු ඇපකරයක් ලබා ගැනීමට Merchant Shipping සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ යුතු බව පවසයි.

9. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වෙතින් ඇ.ඩො. මිලියන 2.5 ක් ලබා ගනිමින් කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව ගුවන් කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි – අප්‍රේල් 12 ණය පැහැර හැරීම හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) අරමුදල් ලබා දීම නතර කර ඇත.

9. 2019 වර්ෂය තුළ පියයුරු පිළිකාවලට අදාළ සිදුවීම් 4,447 ක් වාර්තා වී ඇති බව පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය අනාවරණය කරයි – මෙය සාමාන්‍යයෙන් දිනකට ආසාදනයන් 12 ක් සහ මරණ 02 ක් ලෙස තක්සේරු කළ හැක.

10. ඉකුත් සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොල ආයෝජකයෝ අනාගත ආයෝජනයන් පිළිබඳව සිය අවිනිශ්චිතභාවය ප්‍රකාශ කරති – සියලුම කොටස් මිල දර්ශකය ලකුණු 408 කින් (සියයට 4.49) පහතට – දෛනික පිරිවැටුම ඉකුත් සතියේ පැවති රු. මිලියන 2,564 ට සාපෙක්ෂව සාමාන්‍ය අගයක් වශයෙන් රු. මිලියන 1,620 දක්වා පහත වැටෙයි!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan