පෙරහැරක ගිනිබෝල කරකවමින් ගිය පාසල් සිසුවෙකු විදුලිසැර වැදී මරුට !

Date:

දොඩම්ගොඩ, වඩුගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ කඨින පෙරහැරේ ගිනිබෝල කරකවමින් ගිය පාසල් සිසුවෙකු අද (23) අළුයම විදුලිසැර වැදීමකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දොඩම්ගොඩ ප්‍රදේශයේම පදිංචි, මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි සිසුවෙකි.

අනතුරින් තවත් තරුණයින් දෙදෙනෙකු ද තවාල ලබා ඇති බව සඳහන්.

මියගිය සිසුවා ඇතුළු පිරිසක් පෙරහැරේ ගිනිබෝල කරකවමින් ගොස් ඇති අතර ඔහු අත තිබූ ගිනිබෝල සවිකර තිබූ යකට පට්ටම බිම වැටී ඇති බවත් එය තාවකාලිකව ඇද තිබූ විදුලි වයරක ගැටී ඇති අතර එය නැවත අහුළා ගැනීමට යාමේදී සිසුවාට විදුලි සැර වැදී ඇති බවත් ඔහුව බේරාගැනීමට උත්සාහ කළ තවත් තරුණයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවත් මෙතෙක් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අදාළ සිසුවා වහාම කළුතර රෝහල වෙත ගෙනයාමට කටයුතු කර ඇතත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිට ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...