විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා වාර්තාව ඉදිරිපත් කෙරේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පතකළ කමිටු වාර්තාව තමාට ලැබුණ බව සහ එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්වන්නේ අගෝස්තු මස 5වන දාය.

එම කමිටුවට සාමාජිකයන් 8 දෙනෙකු ඇතුලත් විය.

පසුගිය මාස කීපය පුරා වරින්වර රැස්වී ඔවුන් තම වාර්තා සැකසීමේ කටයුතුවල නිරතවූ අතර සැප්තැම්බර් මස 8 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගේ අදහස් ද ලබාගෙන තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...