දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/23

Date:

  1. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වික ණයහිමියන්ට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2 වන වාරිකය වූ ඇ.ඩො. මිලියන 330 භාවිතා කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
  2. චීනය සිය ගෝලීය හමුදා මාවත (military footprint) පුළුල් කිරීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරට කොංග්‍රසයට ලබා දෙන “චීනය සම්බන්ධ හමුදා සහ ආරක්ෂක සංවර්ධන තත්ත්ව” (Military & Security Developments involving China) පිළිබඳ දැක්වෙන සිය 2023 වාර්ෂික වාර්තාවේ දැක්වෙයි: චීනය විසින් “බොහෝවිට” බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව, ඉක්වටෝරියල් ගිනියාව, සීෂෙල්ස්, ටැන්සානියාව, ඇන්ගෝලාව, නයිජීරියාව, නැමීබියාව, මොසැම්බික්, බංග්ලාදේශය, පැපුවා නිව් ගිනියාව, සොලොමන් දූපත් සහ තජිකිස්තානය ඇතුළු රටවල් සිය හමුදා සැපයුම් පහසුකම් සඳහා ස්ථාන ලෙස සලකමින් සිටින බව පවසයි.
  3. ශ්‍රී ලංකාවේ උපන් මෙල්බර්න් මූල්‍ය සැලසුම්කරුවකු වන ටෙරන්ස් රියෝ රියන්සෝ නුගරා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අධිකරණයක දී වංචාවෙන් මූල්‍ය වාසියක් ලබා ගැනීමේ චෝදනා 37කට සහ සොරකම් කිරීමේ චෝදනා 2කට වරදකරු වෙයි: ඕස්ට්‍රේලියානු වින්දිතයන් 38 දෙනෙකු රවටා ඔවුන්ගෙන් ඕ.ඩො. 10,152,061 සොරකම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිසි හැසිරීම්වල ප්‍රමිතීන් තහවුරු කිරීම සඳහා නව නීති කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: මන්ත්‍රීවරුන්ගේ උසස් ප්‍රමිතිය සහතික කිරීම සඳහා හිටපු කතානායක කරු ජයසූරිය විසින් නීති සම්පාදනය කරමින් සිටින බව ද පවසයි.
  5. ගාසා තීරයේ ගැටුම් නවතා සාමය ස්ථාපිත කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා රජයේ උපරිම සහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  6. රු. මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කි.ග්‍රෑ 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 5 දෙනෙකු දෙවුන්දර තුඩුවේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි: නාවික හමුදාවේ බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ද පවසයි.
  7. සේවා ශ්‍රේණි තුනේම විදුහල්පතිවරුන් 5000 කට පමණ පත්වීම් ලිපි ලබන මාසයේදී ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි: ඉදිරි අයවැයෙන් ගුරුවරුන් සඳහා වැටුප් ඉහළ යාමක් සිදුවිය හැකි බව ද ඉඟි කරයි.
  8. සියලුම මැතිවරණ අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් අයකර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බව මැතිවරණ කොමසාරිස් එල්.එම්.ඒ.ආර්. රත්නායක පවසයි: අධික අපේක්ෂකයන් සංඛ්‍යාවක් අයදුම් කිරීම වැළැක්වීම මෙම පියවරේ අරමුණ බව පවසයි: මෙම වැඩිවීම සමස්ත මැතිවරණ පිරිවැය අඩු කිරීමට උපකාරී වනු ඇති බව ද පවසයි.
  9. 2023 වසරේ මේ දක්වා මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ඇ.ඩො. මිලියන 315ක ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, එය 2022 එම කාලසීමාවට සාපේක්ෂව 34% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය පවසයි.
  10. දකුණු උරහිසේ ආබාධයක් හේතුවෙන් 20 හැවිරිදි වේග පන්දු යවන මතීෂ පතිරණ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට ඉඩ ඇති බවට වාර්තා වේ: පතිරණ මේ වන විට තරඟ 2කට ක්‍රීඩා කර ලකුණු 185කට කඩුලු 2ක් දවාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...