පාසල් කීපයක් අද වැසේ! නායයෑමේ අනතුරුද දීර්ඝ වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසැල් අද (23) වසා දමා ඇති බව වාර්තා වේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ, අකුරැස්ස ,මුලටියන සහ වලස්මුල්ල කලාපවල පාසැල් අවශ්‍යතාව මත, වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ලබා දෙන බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර ඇත.

අද (23) පස්වරු 3 දක්වා එය බලපැවැත්වෙන ආකාරයට බදුල්ල , ගාල්ල ,හම්බන්තොට ,කළුතර ,මහනුවර , ,නුවරඑළිය ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 23) දිනයේදී සබරගමුව පළාතේත්...

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී...

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...