*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරේ සිටින සියලුම දෙනාට රෝහල්වල සිටින අය ඇතුළුව කලාපයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

නමුත් එම ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත.


ඊශ්‍රායලය කළ එම ඉල්ලීම නිසි පරිදි සිදුකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jašarević සඳහන් කරන්නේ ,

සරලව ගෙන යා නොහැකි රෝගීන් එහි සිටිනවා , බොහෝ දෙනෙක් යාන්ත්‍රික වාතාශ්‍රය මත සිටින්නේ, අලුත උපන් බිළිඳුන් ඉන්කියුබේටර්වල ඉන්නේ අස්ථායී තත්ත්වයන් යටතේ සිටින පුද්ගලයින් සිටිනවා, ඔවුන් සෙලවීම පවා ඉතා අපහසුයි ” යනුවෙන්ද Tarik Jašarević වැඩිදුරටත් පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක තවදුරටත් පවසන්නේ, ශල්‍ය හා කම්පන ද්‍රව්‍ය ට්‍රක් රථ හතරක් මෙන්ම මෑතකදී රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයට නිදන්ගත රෝග සඳහා ඖෂධ ගෙන ආ නමුත්, එය ප්‍රමාණවත් නොවන බවත්, දේශසීමාවේ ඊජිප්තුව දෙසට යාමට අවශ්‍ය ද්‍රව්‍ය සහිත ට්‍රක් රථ වැඩි ප්‍රමාණයක් තිබෙන නමුත් , ඒවා ආරක්ෂිතව ගෙන ඒමට හැකි බවට ආරක්ෂක සහතිකයක් ලබාදී නොමැති බවයි.

මේ අතර ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවන අතර ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි.

අනතුරුව පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත් මරණයත්”අතර සටනක් වී ඇති බවත් ය.

ඊශ්‍රායලය ට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්ද තර්ජන එල්ලවී ඇති අතර, හමාස් සහ හිස්බුල්ලා පාර්ශ්ව දෙකටම සහාය දක්වන බවට ඉරානයට චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා ඇති බවට එරට විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan