*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ඉරණම!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇඟලුම් අපනයනය සැප්තැම්බර් මාසයේදී සියයට 26 කින් තවදුරටත් පහත වැටී ඇති බව සංඛයා දත්ත පෙන්නුම් කරයි. උද්ධමනය සහිත ආර්ථික පසුබිමට එරෙහිව, රටේ අපනයන ආදායමෙන් 45% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය පසුගිය මාසයේ මෙලෙස තවදුරටත් පහත වැටී තිබීම ශ්‍රී ලංකා ඇඟලුම්හි ඉරණම කණගාටුදායක බවක් පෙන්නුම් කරයි.

සැප්තැම්බර් මාසයේදී ඇඟලුම් අපනයනය 26% කින් විශාල ලෙස පහත වැටී ඇති අතර, එය ඇ. ඩොලර් මිලියන 332 ක් වූ අතර පළමු මාස ​​නවය තුළ ඇ. ඩොලර් බිලියන 3.4 දක්වා එනම් 20.5% කින් අඩු වී ඇත.

ඉන්ධන සහ විදුලිය පහසුකම් වල ස්ථාවර සැපයුමක් නොමැතිකමද කර්මාන්තයේ වේගවත් මෙහෙයුම් ක්‍රියාවලියට බලපානු ඇති බවට ඇඟලුම් අංශයේ පාර්ශවකරුවන් විසින් මැසිවිලි නඟයි.

සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට කරන ලද අපනයන, වසරින් වසර ඩොලර් මිලියන122 දක්වා 34.37% කින් අඩු වී ඇති අතර, එක්සත් රාජධානිය වෙත අපනයන ඩොලර් මිලියන 106.79 දක්වා 24.54% කින් අඩු විය. මෙම අහිතකර ප්‍රතිවිපාකවලට හේතුව වූයේ, ව්‍යාපාර සහ ආදායම අහිමි වීම සහ නිෂ්පාදනය වෙනත් රටවලට ගලා යෑමයි.

ඒ සමගම 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට සහ අනෙකුත් රටවලට අපනයනය ඩොලර් මිලියන 54 දක්වා 4.61% කින් සහ ඩොලර් මිලියන 50 දක්වා 25.19% කින් අඩු විය.

පළමු මාස ​​නවය තුළ ඇමරිකා එක්සත් ජනපදයට කරන ලද සමස්ත අපනයන ඩොලර් බිලියන 1,36 දක්වා 25.19% කින් අඩු වී ඇති අතර, 2022 වසරේ එම කාලය තුළ එක්සත් රාජධානිය වෙත අපනයන ඩොලර් බිලියන 1 දක්වා 18.15% කින් අඩු විය.

ඒ අතරම, 2022 වසරේ එම කාලය තුළ එක්සත් රාජධානියට සහ අනෙකුත් රටවලට සිදු කරන ලද සමස්ත අපනයන ද පිළිවෙළින් ඩොලර් මිලියන 480 දක්වා සහ 15.94%කින් ඩොලර් මිලියන 538 දක්වා 16% කින් අඩු වී ඇත.

මේ අනුව සලකා බලන කළ, ආර්ථික අර්බුදයේ බලපෑම් ආපසු හැරවීමට නම්, අවම වශයෙන් වසර දහයක්වත් ගතවනු ඇති බව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇත.

අර්බුදයට මුහුණ දීම සඳහා ව්‍යාපාර හිමියන්ට වැඩි සහන ලබා දෙමින් ව්‍යාපාරවල අවශ්‍යතා සහ වෙනත් අවශ්‍යතා සඳහා රජය ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු අතර, ඇඟලුම් කර්මාන්තයට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය පමණක් නොව, එහි සේවකයින්ගේ මානසික යහපැවැත්ම සහ ආකල්පමය ශක්තිය වඩිදියුණු කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන බව පෙනී යයි.

ඒ අනුව රජය මේ වන විට ඇඟලුම් කර්මාන්තය නඟා සිටුවීම සඳහා පවතින ක්‍රියා මාර්ග ශක්තිමත් කිරීම, නව උපාය මාර්ග සකස් කිරීම සහ නව සැලසුම් සකස් කිරීම සිදු කෙරෙමින් පවතින බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan