නේෂන් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් කැනඩාවට පරාජය විය.ඒ සම්බන්ධයෙන් අප මීට පෙර හේතු පැහැදිළි කිරීමක යෙදිණ.විශාල ජයග්‍රහණ කරා යාම වෙනුවට ප්‍රතිවාදි කණ්ඩායමේ රිද්මය හැදිණ,ඊට වෙනස් මඟකින් තරගයට පිවිස සුළු ලකුණු පරතරයකින් හෝ ජය ගත හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව නැති බව පැහැදිළි කර ගත යුතුය.
මන්ද එවැනි අන්තර් සබඳතාවයකින් මේ කණ්ඩායම සම්බන්ධ කර නොමැති බව පන්දුව ගිලිහෙන අවස්ථා සහ පන්දුව රැඟෙන යාම් ඛණ්ඩනය වන සෑඹ අවස්ථාවකම පැහැදිළි වේ.මේ කාරණා හරහා කණ්ඩායම ගොඩ නඟා තිබෙන ආකාරය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට සරල දැණුමකටත් හැකියාව ඇත.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුන්වන කාර්තුවේදී මෑථ කාලීනව විශාල ලෙස දස්කම් දක්වන බව අප ලෝක කුසලානය ආසන්නයේ සිටම පවසන දෙයකි.ඒ තත්ත්වය ගැන අවබෝධයක් සහිතව සිංගප්පූරුව තෙවන වටයට පිවිසුණේම තරග රටාව වෙනස් කරමින් කෙටි පන්දු හුවමාරුවකට යමින්ය.ශ්‍රී ලංකාව තෙවන වටයේදී එම රිද්මයට පිවිසීමත් සමඟ එම තරග වටයේ ලකුණු තත්ත්වය සිංගප්පූරුවට සමීප කරමින් පෙරට ගිය අතර ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා දැල ආවරණයට සිටි ආරක්ෂක ක්‍රීඩිකාවක් එළියට ගැනීමට සිංගප්පූරු පුහුණුකාරිය කටයුතු කළාය.ඒ සමඟ තරගය වෙනස් පැත්තකට ඇදුණේ බලාපොරොත්තු රහිතවය.ඊට එරෙහිව අවශ්‍යය වෙනස කිරීමට ශ්‍රී ලංකා පුහුණුකාරීත්වයට අවශ්‍යයතාවයක් නොවිණිද අවබෝධයක් නොවිණි ද යන්න තේරුම් ගැනීමට නොහැකිය.අවසානයේ එම තරග වටය ද නිමාවට පත් වූයේ ලකුණු 16 – 14 ක් ලෙස සිංගප්පූරුවට වැඩි වාසි අත් කර දෙමින්ය.
ඊට පෙර වට දෙක පිළිවෙලින් ලකුණු 15 – 9 සහ 14 – 12 ක් ලෙස ජයගෙන සිටි සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වාසිදායක තෙවන වටයද පරාජය කිරීමෙන් පසුව සිව්වන කාර්තුනය පිවිසියේ සිංගප්පුරුවට ලකුණු 9 ක වාසියක් හිමි ලකුණු 45 – 36 ක් ලෙසය.
සිව්වන කාර්තුවේදී ද ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ යම් ආකාරයක පිඩනයක් ඇති කරමින් ඉදිරියට එන්නට උත්සාහ කළහ.එහෙත් රිද්මය සහ තරග රටාව වෙනස් කරමින් සිංගප්පූරුව යළි තමන් අතට තරගය ගැනීමට සමත් විය.ඒ අනුව එම කාර්තවේදී ශ්‍රී ලංකාව ලකුණු 15 ක් ලබා ගත්තත් සිංගප්පුරුව නැවත තරගයට පිවිස ලකුණු 17 ක් රැස් කරන්නට සමත් විය.ඒ අනුව තරගය නිමාවන විට ලකුණු පූවරුව සිංගප්පූරු ඒ කණ්ඩායමට 62 කි.ශ්‍රී ලංකාවට 51 කි.
මෙයට පැහැදිළි ලෙසම ලැබිය හැකි පිළිතුර අලුත් කණ්ඩායමක් සහ අලුත් පුහුණුකාරියක් බව අපි දනිමු.අලුත් කණ්ඩායමක් වීමට පැරණි ක්‍රිඩිකාවන් කිහිප දෙනෙක් විශ්‍රාම ගැනීම හේතු වන්නේය.නමුත් පුහුණුකාරිය අලුත් යැයි නෙට්බෝල් පරිපාලනය පවසන්නේනම් ඒ වගකීම සමඟ ශ්‍රේණිගත කිරීම්වල සිතා ගන්නට නොහැකි දුරකට නඩා වැටීමට එම තීරණයට අත එසැ වූ සියලු දෙනා වගකිව යුතුය.පුහුණුකාරියන් හෝ කිසිවක් සදාකාලිකව රැඳෙන්නට අවශ්‍යය නැත.නමුත් ආසියානු තරගාවලියට පුහුණුකාරියක් අලුතෙන් ගෙන ඒමට වඩා වඩාත්ම අත්දැකීම් ඇති පුහුණුකාරිය අත මේ කණ්ඩායම රඳවා තබන්නට නෙට්බෝල් නෝනලාට ඕනෑ තරම් අවස්ථාව තිබිණ.නමුත් පොරොන්දු යනු පමා කරන්නට නුසුදුසුය.රටට වඩා වැදගත්ම ඒ කාරණයය.සමහරු වගකීම් දක්වා මෝරන්නට පෙර ඒවා බදාගෙන බර දරා ගත නොහැකිව වැටෙනු අපි දැක ඇත්තෙමු.ඒවා නමුත් තනිව බෙදා ගන්නට නොහැකිය.ඒ නිසා බෙදපු හැදි අත රැඳුණු අයද මෙයට වගකිව යුතුය.මෙය සමස්ත ක්‍රියාවලියක අසමත් වීමක්ය.
අප මෙවන් අදූරදර්ශි තීරණවලින් ආසියාවේ නෙට්බෝල් කිරීටය අවස්ථා ගණනකදී අහිමි කර ගෙන ඇත්තෙමු.ක්‍රීඩාවේ දේශපාලන තීරණ නිසා එක් සෘජු තීරණයක් නොගෙන කණ්ඩායමට නායිකාවන් දෙදෙනෙක් තබාගෙන කටයුතු කළ අවස්ථාද අපි දැක ඇත්තෙමු.එසේම යම් හේතු මත තණ්ඩායමට තරගාවලිය පුරාම ක්‍රිඩා කරන්නට හැකියාව නැති බව අවබෝධයෙන් ඇතැම් ක්‍රීඩිකාවන්ට සිය දත්ත ගබඩාව පොහොසත් කර ගැනීමට නායිකාවක් සේ තරගයක් පමණක් පිටියට බැස ඒ වරප්‍රසාදය දිනා ගන්නට පාර සැකසූ අවස්ථා ද අපි දැක ඇත්තෙමු.තවමත් නෙට්බෝලය යන්නේ ඒ පාරේමය.ඒ කියන්නේ ගව් ගාණක් අතීතයේ පිරිසිදු කර නොගත් ඒ පාරේම තවමත් නෙටිබොල් යමින් ඇත.
සටහන – නිශ්මං රණසිංහ
