ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW):
ගුවන් හමුදා රණවිරුවන් සැමරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට පැවැත්වෙන ආගමික වැඩසටහන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.
ගුවන් හමුදාවේ 72 වන වාර්ෂික සංවත්සර සැමරුමට සමගාමීව මෙම අගමික වැඩසටහන් සිදුවිය.


ගුවන් හමුදාවේ සේවය කොට ක්‍රියාන්විත රාජකාරීයේදී මරණයට පත් රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සමස්ථ රණවිරුවන් සඳහා ආශිර්වාද කිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේදි පැවැත්විණි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකොගොඩ ඤාණරතන හිමි, මල්වතු පාර්ශනයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය අණමඩුවේ ධම්මදස්සි හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...