ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW):
ගුවන් හමුදා රණවිරුවන් සැමරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට පැවැත්වෙන ආගමික වැඩසටහන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.
ගුවන් හමුදාවේ 72 වන වාර්ෂික සංවත්සර සැමරුමට සමගාමීව මෙම අගමික වැඩසටහන් සිදුවිය.


ගුවන් හමුදාවේ සේවය කොට ක්‍රියාන්විත රාජකාරීයේදී මරණයට පත් රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සමස්ථ රණවිරුවන් සඳහා ආශිර්වාද කිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේදි පැවැත්විණි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකොගොඩ ඤාණරතන හිමි, මල්වතු පාර්ශනයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය අණමඩුවේ ධම්මදස්සි හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...