උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි!

Date:

කොළඹ LNW:උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළේය.

බස්නාහිර පළාතේ සමූපකාර පරීක්ෂකවරුන් 150 දෙනෙකු ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ 1977න් පසු බස්නාහිර පළාතේ සේවයට බදවා ගත් සමූපකාර පරීක්ෂකවරුන්ගෙන් සුළු පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම නීතියට පටහැනි බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ මෙම පරීක්ෂකවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතා පැවසුවේය.

මේ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද පෙරවරුවේ අදාළ තීන්දුව ලබාදෙන ලදී.

පෙත්සම්කරුවන්ට සිදු වූ අසාධාරණය සමනය කරන ලෙස බස්නාහිර පළාත් සභා නිලධාරීන්ට ද එහිදී නියෝග කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...