මැදපෙරදිග කඳුළු සතුටු කඳුළක් වූ දා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙමව්පියන් දරුවන්ගේ සිහින සබෑ කරන්න කරන කැපකිරීම් ඇතැම් වෙලාවලට වචන වලට පෙරළීමට බැරි තරම්.

මේ කතාවත් ඒ වගේ,

වසර 30 ක් පුරාවට තම දරුවා වෙනුවෙන් කැප කිරීමක් කරපු අම්මා කෙනෙක් ගැන කතාවක්.

ඉතියෝපියානු කාන්තාවක් වන මෙම මව ගෘහ සේවිකාවක් ලෙස ලෙබනනයට යන්නේ ගුවන් නියමුවකු වෙන්න හිටපු තම ආදණීය පුතණුවන්ගේ අධ්‍යාපනයට විටදම් කරන්නට වෙනත් රැකියා මර්ගයක් නොතිබුණු නිසයි.

අවසානයේ ගුවන් නියමු සිහිනය සැබෑ කරගත්ත මෙම තරුණයා තම මෑණියන් තුටු කිරීමේ අරමුණීන් ඇය පුදුම කරවන දෙයක් කිරීමට තීරණය කළා. ඒ අනුව අවුරුදු 30 ක් තිස්සෙ විදෙස් රටක් තුළ අනුන්ගෙ නිවෙස් වල සේවය කරමින් පුතා වෙනුවෙන් කළ මෙහෙවරට උපරිම වටිනා කමක් දීමට ඔහු තීරණය කළා.

මෙම මව විසින් තම පුතාගේ සිහිනය සබෑ වීමෙන් පසු රැකියාවට සමුදී නැවතත් තම උපන් මවු බිමට යාමට තීරණය කළා. එසේ යාමට ගුවන්තොටුපොළට පැමිණි මවට අදහාගත නොහැකි දෙයක් සිදුවී තිබුණා.

ඒ මව්බිම බලා යාමට සැරසෙන කාන්තාවක් එම ගුවන්යානයේ නියමුවා ලෙස පැමිණෙන සිය පුත්‍රයා දැක පුදුමයට පත්වන අවස්ථාවයි.

නමුත් ඇය සිය සේවය නිමකර මව්රට බලා යන ගමන සඳහා තෝරාගත් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයට පිවිසෙන තුරු එහි ගුවන් නියමුවා ලෙස තම පුතා සේවය කරන බව දැන නොසිටීම ඇය මෙතරම් පුදුම කරවන්නට හේතු විය.

එහෙත් අවසන් මොහොතේ ගුවන් යානයට පිවිසීමට යන ඇය, තිරයක් අතරින් මල් මිටක් සහ කේක් එකක් ගෙන තම මව එනතුරු බලාසිටි පුතු දැක මහත් පුදුමයට පත්වුණා.

උදාරත මව් සෙනෙහස තරම් ලොව තවත් සෙනෙහසක් නැත යන්න පසක් කරමින් මව සහ පුතු සංවේදී වන ආකාරය දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය පුරා විදුලිවේගයෙන් සැරිසරන්නට ගත වූයේ නිමේෂයකි.

මෙවැනි දරුවන්ගේ සිහින සබෑ කිරීමේ අරමුණින් කෙතරම් නම් අම්මාවරුන් මදපෙරදිග කඳුළු සළමින් දහඩිය වගුර ඇත්ද? තම අරමුණ කරා ගියපසු තම ආදරණීය දෙමාපියන් මහ මඟ දමා යන ඇතැම් සත්පුරුෂ දරුවන් අතරේ මෙම ආදරණීය දරුවා මෙම මවට මැණිකක්මය. ඔහු ලොවට හඬගා කියන්නේ තම හදපත්ලෙන් නැඟුණු ඒ උතුම් මව් සෙනෙහසම නොවේද?

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...