හේගස් ටවුන් බෞද්ධ විහාරයේ කඨින පිංකම මහ ඉහළින් ..!

Date:

අශෝක ජයතුංග

ඔක්තෝබර් 24, වොෂින්ටන් LNW :


මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ කැපවීම මල්ළුල දරයි.


ඇමෙරිකාවේ හේගස් ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක බෞද්ධ විහාරයේ වාර්ෂින කඨින පිංකම පසුගියදා එරට වෙසෙන විශාල බෞද්ධයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වින. 2016 දී ඇරඹුණු මෙය බුදු චරිතය චිත්‍රනය කල ඇමෙරිකාවේ පිහිටි ප්‍රධාන විහාරයක් වේ. විහාරාධිපති මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ඇතුළු දායකයන් කඨින පිංකම සංවිධානය කොට තිබිණ.
මෙවර පිංකමට අදාළ බෞද්ධ පිළිවෙත් වීඩ්න් විහාරයේ නැදගමුවේ පඤ්ඤාලෝක හිමි හා වොෂින්ටන් විහාරයේ වතුලියද්දේ රතනසීහ හිමි විසින් ඉටුකළහ. කඨින පිංකමේ ඉතිහාසය, වත්පිළිවෙත් හා ආනිසංශ පඤ්ඤාලෝක හිමි පහදාදීම තුළ තරුණ පරපුර හා එහි සිටි පිරිස දැනුවත් වූහ. පිංකමේ ප්‍රධාන දායකත්වය පානදුර උපුල් පෙරේරා හා වෛද්‍ය කමනී කරඳන යුවල හා ගාල්ලේ සම්පත් ලියනගුණවර්දන හා චාමිකා හතුරුසිංහ යුවල විසින් ඉසිලීය.

තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිළධාරීන් හා සේවක මඩුල්ල ද අවස්ථාව සාර්ථක කරගැනීමට දායකත්වයක් හා සහභාගීත්වය සපයා තිබිණ.


එහිදී කතාකල කරපුටුගල ඉන්දරතන නාහිමි ; “වීඩ්න් විහාරාධිපති කටුගස්තොට උපරතන නාහිමි ගේ සහාය මට නිරතුරුවම ලැබුණා. මෙම පංසල ගොඩ නැගීමට ලංකාවේ හා ඇමෙරිකානු බෞද්ධයන් දායක වුණා. මා ජීවතුන් අතර හිටියත් නැතත් මෙතන වැදුම් පිදුම් කරන කාගේත් පිං මටත් අනුමෝදන් වේවි. කටුගස්තොට හිමිටත් “පිං ෂෙයාර්” එක යාවි”


“තානාපති මහින්ද සමරසිංහ මහතා තරම් ඇමෙරිකාවේ පංසල් හා ලාංකිකයන් අතරට ගිය කෙනෙක් මින් පෙර ඉදලා නෑ. අපට ඔිනම හදිසියකට තානාපති කාර්යාලයට කතාකලාම උපරිම සහාය දෙනවා. විහාරයේ බොහෝ කටයුතු වලටත් ඔවුන් සහාය දෙනවා. රට වෙනුවෙනුත් වත්මන් තානාපති පිරිස විශාල සේවයක් කරනවා. මෙම කඨින පිංකමට ප්‍රධාන දායකත්වය ලබාදුන් උපුල් හා කමනී මෙන්ම සම්පත් හා චාමිකා යුවල මෙම විහාරයේ භෞතික දියුණුවටත් විශාල දායකත්වයක් දුන්නා.

ප්‍රවිශ්ට මාර්ගය කාපට් කලා. වායුසමීකරණ හා උණුසුම් කිරීමේ යන්ත්‍ර ලබාදුන්නා. ඊට අමතරව මුස්ලිම් ජාතිකයෙකු වුණත් මෙවැනි පිංකම් වලට එන කාටත් ප්‍රනීත ආහාර සපයන ගාල්ලේ මොහොමඩ් ගසාලි මහතා මතක් කල යුතුමයි. පැමිණ නන් අයුරින් උපකාර කල හා සහභාගී වන කාටත් ස්තුතිය නොව පිං ලබා දෙනවා” කරපුටුගල ඉන්දරතන නාහිමියෝ පැවසූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...