*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

පරාජයෙන් වාර්තා තබන ගැම්බියාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායමෙන් ඕවර් 20 ලකුණු 344 ක්

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 24,(LNW) කොළඹ :

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හිතන්න දැනෙන ප්‍රහාරයක් ඊයේ සිම්බාබබ්වේ කණ්ඩායම ගැම්බියාවට එල්ල කළේය.අප්‍රිකානු කළාපයේ රටවල් අතරින් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා වන කෙන්යාවේ පවත්වන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම ගැම්බියාවට එරෙහිව පන්දු ඕවර් 20 දී ලකුණු 344 ක් රැස් කරන්නට සමත් විය.ඔවුන් අවසානයේ තරගය ජයග්‍රහණය කළේ ලකුනු 290 න් ය.


ලකුණු 344 ක් විස්සයි විස්ස තරගයක ලබා ගැනීම නොව කණ්ඩායම් දෙක අතර පරතරය වූ ලකුණු 290 ද පන්දු ඕවර් 20 දී ලබා ගැනීම සිහිනයක් සේ හිතට දැනෙන දෙයකි.විස්සයි විස්ස ආකෘතිය තුළ කණ්ඩායම් වර්ගීකරණයකින් තොරව දක්ෂතා අතින් බොහෝ අසමානකම් සහිත කණ්ඩායම්වලට එකිනෙකට ගැටෙන්නට සළස්වා ඇත.එහිදී මෙවැනි අසාමාන්‍ය වාර්තා ඇති වීම සාමාන්‍ය සිඳුවීමකි.මේ තත්ත්වය ගැන අයිසීසී යේ අවධානය යොමු විය යුතුය.එසේ නොවුණොත් මේ විස්සයි විස්ස ආකෘතිය ඇතුළේ ඇති උද්වේගකර ස්වරූපය විසුළුකාරි ස්වරූපයක් බවට පත් වෙනු සහ තරග නැරඹීමේ ආසාව දියාරුව සමස්ත ක්‍රිකට් ගැන ආකර්ශණයද හැකිලී යන්නට හැකිය.


පන්දු 43 න් නොදැවී ලකුණු 133 ක් රැස් කර සිම්බාබ්වේ නායක සිකන්දරු රාසා එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් හයේ පහර 15 ක් එල්ල කරන්නට සමත් විය.එසේම ගැම්බියා කණ්ඩායමේ මුසා ජෙබ්රෙත් සිය පන්දු යැවීමේදී පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 93 ක් ලබා දී තිබිණ.එහිදී පන්දු ඕවරයක සාමාන්‍ය වන්නේ ලකුණු 23.25 කි.මෙම තරගයේ ලකුණු විස්තරයට පහත සබැඳියෙන් පිවිසීම වැදගත්ය.


https://es.pn/4eVurll
ගැම්බියාව මේ තරගාවලියේ දී පරාජය වෙමින් තැබූ පළමු වාර්තාව මෙය නොවේය.මේ තරගාවලියේ ආරම්භයේදී ම ඔවුන් රුවන්ඩාවට ලබා දුන් ජයග්‍රහණයත් එබඳුය.ඒ ක්‍රීඩක ලිපි ගොනු සම්බන්ධයෙන් ඇති වූ අවුලක් නිසා සමස්ත ගැම්බියානු කණ්ඩායමට නයිරෝබි නුවරට පැමිණිමේදී ගැටළුවකට මුහුණ දුන්නේය.ඒ නිසා එහි මුළු කන්ඩායම නොසිටි නිසා ඔවුන් රුවන්ඩාවට එරෙහිව තරගයට මුහුණ නොදුන්නේය.එ් ආකාරයට ලිපි ලේඛණවල අඩුවක් නිසා ගුවන් ගමන ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණයක් ලබා දුන් පළමු කණ්ඩායම ලෙස ද ගැම්බියාව මේ තරගාවලියේ දී ඉතිහාසයට එක් විය.ඔවුන්ට මේ හේතුව නිසාම සීෂෙල්ස් සමඟ වූ තරගයේදී ද පරාජය භාර ගැනීමට සිදු විය.


ඔවුන් මෙවර තරගාවලියේ පළමුවරට තරග කළේ කෙන්යාවට එරෙහිව වන අතර එහිදී ඔවුන් කෙන්යානු කඩුලු 9 ක් පන්දු ඕවර් 20 තුළ ලකුණු 175 ට දවා ගන්නට සමත් විය.එහෙත් ඔවුන්ට කෙන්යාවට එරෙහිව ලබා ගන්නට හැකි වුණේ ලකුණු 46 ක් පමණි.ගැම්බියාවේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිවිසුම 2022 අග භාගයේ දි සිඳුවන අතර මේ දක්වා ඔවුන් තරග 11 ක් ක්‍රීඩා කර කැමරුන් කණ්ඩායමට එරෙහිව පමණක් තරගයක් ජයගෙන ඇති අතර තරග 10 දී ම පරාජය වී ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan