රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ වසර අවසානයේ එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බවයි.
සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙන අතර , ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.