ආරුගම්බේ අවදානම:ප්‍රහාරයක් සැලසුම් කිරීම ගැන සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කර තිබෙනවාද යන්න පිළිබඳ ප්‍රශ්න කරමින් තිබෙන බවත් එම ලැබෙන මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමඟ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම වන හෙයින් යාම කැළඹිලිකාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක් ගැන බුද්ධි අංශ තොරතුරු ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර තිබුණු අතර ඒ අනුව සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත බවයි හේරත් මහතා එහිදී පැවසුවේ. කියලා.”

“තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා. එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා”.

එමෙනම් ලද තොරතුරු අනුව ජාතික වශයෙන් අපේ රටේ ජනතාව ඉලක්ක කරගෙන යම් කැළඹිලි තත්ත්වයක් ඇති විය හැකි බවට තොරතුරු වාර්තා වී නොමැති අතර එවැනි දෙයක් ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...