සර්වජන බලයෙන් විකල්ප යෝජනාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

සර්වජන බලය විශ්වාස කරන්නේ නම්, රටේ මිනිස්සුන්ට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කළ හැකි බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

මෙරට ජනතාවට සතුටින් සිටීමට නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද කියා සිටී.

මහමැතිවරණය ඉලක්කකර සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් අදියරක් නිට්ටඹුවේදි පැවැත්වුණි.

එම ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“සර්වජන බලය දේශපාලනයට එන්නේ මේ රටේ දේශපාලනයේ විශාල වික්ෂිප්ත, ගැස්සුණු, හෙලවිලා තිබුණු තැනකදි. අපේ සර්වජන බලය විශ්වාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්නට පුළුවන් රටක් නිර්මාණය කළ යුතුයි කියන තැන. ඒ සඳහා යන මාර්ගය හැටියට අපි තෝරා ගත්තේ ලොව සියලුම දියුණු රටවල් අසල්වැසි ඉන්දියාව ඇතුළු ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. මේක තමයි තියන එකම විසඳුම.

ඔබ දන්නවා මට මෙයින් ලබා ගන්න කිසිම දෙයක් නැහැ භෞතිකව. මෙවර 3%ක් අරගෙන හිටපු අය 43%ක් ගන්නකම් විපක්ෂයක් නිකන් බලාගෙන හිටියා. බස් එලෙව එලෙව හිටියා, ජපන් කතා කළා, පියානෝ ගගහා හිටියා. ඒ වෙච්ච දේ තමයි ඔය. එහෙම බෑ දැන් 43%ක් අනුමත කරලා තියෙනවා අනුර කුමාර සහෝදරයාගේ ආණ්ඩුව. 

අපි එඩිතර විපක්ෂය සර්වජන බලය ඔබෙන් මේ කතිරය ඉල්ලා සිටින්නේ ඒ ඔවුන්ගේ කකුළෙන් අදින්නට නෙමෙයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රශස්ත විපක්ෂයක් හදාගන්නට. ඒ විපක්ෂය තුළ කොහොමද මේ රටට හානිකර දේවල් වලක්වන්නේ, හොඳ දේවල් ඉදිරියට ගෙනයන්නේ කියන එක ගැන කතා කරන්නටයි අපිට අවශ්‍ය. ඔබ වෙනුවෙන් කතා කරන්නටයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...