ඉන්දියාවට බලපාන ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ දහස් ගණනක් ඉවත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ප්‍රබල සුළි කුණාටුවක් ළඟා වීම හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ දහස් ගණනක් දෙනා අර්ක්ෂිතමය ස්ථාන වෙත යොමු කිරීමට එම ප්‍රාන්තවල බලධාරීන් කටයුතු කරමින් සිටියි.

දැනට බෙංගාල බොක්ක හරහා සක්‍රියව පවතින සුළි කුණාටුව අද(24) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ඇතුළුවනු වනු ඇති බවට එරට කලගුණ දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති අතර පැයට 100-110km/h (62-68mph) දක්වා වේගයකින් සුළං ප්‍රාන්ත දෙකෙහි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් ප්‍රාන්ත දෙකෙහිම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ධීවර කාර්ය මණ්ඩලයට ජලයෙන් වළකින ලෙස අනතුරු අඟවා ඇත.

මේවන විට බටහිර බෙංගාලයේ 100,000 කට වැඩි පිරිසක් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව රජයේ අමාත්‍ය බන්කිම් චන්ද්‍ර හස්රා ප්‍රකාශ කර ඇති අතර ඔඩීෂා ප්‍රාන්තයේ බලධාරීන් විසින් දුම්රිය 200ක් පමණ අවලංගු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...