බැකෝ සමන්ගේ දුරකථනයේ නාමල් සර්, මගේ සර් රාජපක්ෂ කියලා තියෙනවා. මේ නාමල්ද කියලා අපි දන්නෑ – ඇමති මහින්ද

Date:

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ බැකෝ සමන් නමැති පාතාල නායකයාගේ ජංගම දුරකථනයක “නාමල් සර්” යනුවෙන් සහ “මගේ සර් රාජපක්ෂ” යනුවෙන් සටහන්ව ඇති බවත් ඔවුන් කවුරුන්දැයි තමන් නොදන්නා බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“අපි කියන්න ඕනෙ මේ සමහර අපරාධකරුවන්ට සහතික ලියන්න හදන මහත්වරුන්ට, IRC ලියාපදිංචි තියෙන අයට කොහෙද පොලිස් ආරක්ෂාව දෙන්නෙ ? මොන රටේද ? අපිට එක රටක් කියන්නකො ලෝකෙ, එකක් ? එහෙම ලෝකෙ කොහෙවත් රටවල් නෑ. දැන් අර කට්ටිය කලබල වෙන එක අහන්න දෙයක් නෑ. මෙතුමා මේ මං දැක්කා කැබිතිගොල්ලෑවෙ ගිහින් කියනවා බය නැතිලු, ඉතින් බය වෙන්න ඕනෙ නෑ … අපි සංවිධානාත්මක අපරාධකරුවන් පසුපස යමින් තමයි අත් අඩංගුවට ගනිමින් ඉන්නෙ. අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදාහරින්නන් තමයි අත් අඩංගුවට ගනිමින් ඉන්නෙ. ඉතින් නාමල් මොකටැයි බයවෙන්නෙ ? නාමල් බයවෙන්න කාරණයක් නෑ එතුමා මේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධයක් නැත්නම්. හැබැයි අපි දන්නෑ, අන්න තියෙනවා සමහර ෆෝන්වල – කාගෙද දන්නෑ – නාමල් සර් … මගේ සර් රාජපක්ෂ … ඉතින් අර ෆෝන්වල තියෙනවා. බැකෝ සමන්ගෙ ෆෝන්වල තියෙනවා. අපි දන්නෑ මේ නාමල්ද, වෙන නාමල් කෙනෙක්ද කියලා. මගේ සර් රාජපක්ෂ කියන්නෙ මේ රාජපක්ෂ පවුලෙ කෙනෙක්ද, වෙන රාජපක්ෂ කෙනෙක්ද කියන්න අපි දන්නෙ නෑ. ඉතින් කලබල වෙන එක මං හිතන්නෙ අහන්න දෙයක් නෑ, මොකද අබ කාපු අයගේ මොළේ දනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...