අමාත්‍යංශය යටතේ තිබුණත් මලල ක්‍රීඩාවේ වීසා ප්‍රශ්න

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 24,  කොළඹ LNW:

මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන මලල ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දියාවේ පැවත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඊයේ පස්වරුව වෙන තෙක්ම වීසා ලැබී තිබුණේ නැත.
වීසා සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය සහ විදේශ කටයුුතු අමාත්‍යංශය එක් වූ යාන්ත්‍රණයක් අඩුම තරමේ නිලධාරීන් දෙදෙනෙකු හෝ යොදවා සකස් කිරීමේ වැදගත්කම ගැන මීට පෙර අවස්ථාවක තවත් යෝජනා සමඟින් ජනමාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.එහෙත් අමාත්‍යවරයා වැඩ කළ යුතු ආකාරය සියල්ලම දැනගෙන එම තනතුරට පැමිණි බව පිළිතුරු ලෙස පවසමින් මාධ්‍යවේදීන්ගේ අදහස් අනවශ්‍යය බව හැඟෙව්වේය.ඔහුගේ අසමත්භාවය පිළිබඳව ලියූ මාධ්‍යවේදියෙකුව අමාත්‍යංශයේ කිසිදු දෙයකට කැඳවන්න එපා යනුවෙන් දැණුම් දුන් බව ද අමාත්‍යවරයා පැවසුවේය.


මෑතක දී අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වා වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් දින ගණන් සළකුණු කරමින් කතා කළ අතර මේ වන විට අසල්වැසි ඉන්දියාවට යාම සදහා අමාත්‍යංශය යටතේම තිබෙන මලල ක්‍රීඩාවට වීසා ලබා ගැනීම ගැටළුකාරී වී ඇත.ඊයේ පස්වරුව වන විට එම ක්‍රීඩකයින් දෙදෙනා වීසා නොමැතිව ලංකාවේ සිටි අතර පුහුණුකරුවන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනා නිසා වීසා තිබියදීත් ඉන්දියාවට නොයා එම ක්‍රීඩකයින් නිසා ශ්‍රී ලංකාවේ රැදී සිටින බව ද දැක ගන්නට ලැබිණ.

මේ වන විට වීසා ගැටළුව විසඳා ගැනීමට හැකි වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.එහෙත් එවැනි තත්ත්වයක් යටතේ එම ක්‍රිඩකයන්ට නියමිත වේලාවට තරග සඳහා යාමට හැකිවේද යන්නත්,සිය උපරිම හැකිියාව දැක්වීමට හැකි වේවිද යන්නත් ගැටළුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...