ඝාතනයට ලක්වූ ලසන්තගේ ඝාතකයන් ගැන හෝඩුවාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

ඉකුත්දා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතකයන් පලායන අවස්ථාවේ ස්ථාන කිහිපයකදී යතුරුපැදිවල අංක තහඩු සූක්ෂම ලෙස මාරුකර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇති අතර, පොලිසිය පවසන්නේ, එම සැකකරුවන් බොහෝ විට අද(24) දිනයේ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවයි.

යුද හමුදාවෙන් පළාගිය අයෙකු ඝාතනයට පැමිණ ඇති බවට විමර්ශන කණ්ඩායම් මේ වන විටත් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු ප්‍රාදේශීය සභාවේ සිටියදීයි.

සභාපතිවරයා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන්ම පලා ගොස් තිබුණි.

ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසානභූමියේදී සිදු කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...