කවදා නිවේවිද ගාසාවේ කුසගිනි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට ගාසා තීරයේ සටන් විරාමයක් පැවතියද , එහි කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසයි.

කුසගින්නෙන් පීඩා විදින ගාසා වැසියන්ට ආධාර ලබා දීමට ගන්නා උත්සාහයන්  අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කරන බවට ආධාර සංවිධාන 41ක් ඊශ්‍රායලයට චෝදනා එල්ලකරයි.

ලෝක  සෞඛ්‍ය සංවිධානය පවසන්නේ , සටන් විරාමය ක්‍රියාත්මක වී සති දෙකකට පසුවත් ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරීව පැවතීම කණගාටුදායක තත්ත්වයක්  බවයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ගාසා තීරයට සැපයුම් ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන් බවයි.

ජගත් සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක්වත් ගර්භනී මාතාවන් 11500ක් ද ඇතුළුව කුසගින්නේ සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...