රේගුවෙන් රඳවාගෙන ඇති BYD වාහන ඇපකරයක් මත නිදහස් කිරීමට අදත් එකඟතාවක් නෑ !

Date:

ශ්‍රී ලංකා රේගුව විසින් මේ වනවිට රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය රේගුවට නියම කළේය.

ඒ, එම වාහන නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම ගොනුකර ඇති පෙත්සම අද (24) කැඳවූ අවස්ථාවේදී ය.

රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැණුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව විවෘත අධිකරණය හමුවේ පැවසූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඒ අනුව මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බැවින් ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් නියම කළේය.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ වනවිට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාවක් ඇති බවයි.

ඒ සඳහා පෙත්සම්කාර ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම විමර්ශනවලට සහාය ලබාදිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

එහෙත් ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රේගුව විසින් මෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.

මෙහිදී දෙපාර්ශ්වයම දීර්ඝ ලෙස කරුණු දැක්වූවත් මෙම වාහන ඇපකරයක් මත මුදාහැරීම සඳහා එකඟතාවක් අද දිනයේදී ඇතිවූයේ නැත.

ඒ අනුව, මෙම නඩුව සමථයකට පත්කරගැනීමට තිබෙන හැකියාව පිළිබඳව ලබන 28 වනදා දැනුම් දෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.

චීනයේ සිට මෙරටට මෙම BYD විදුලි වාහන ඇතැම් මාදිලි ආනයනය කිරීමේදී ඒවායේ මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා නිදහස් කරගෙන ඇති බවට එල්ල වූ චෝදනාවක් අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙසේ වාහන තොගයක් රඳවාගෙන සිටින අතර මෙයින් කොටසක් මීට පෙර අධිකරණය හමුවේ ඇතිවූ එකඟතාවක් අනුව රුපියල් බිලියන ගණනක බැංකු ඇපකරයක් මත නිදහස් කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...