විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීෂ්වර බණ්ඩාර යන අයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ නම්කරන ලද පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කරුණු දැක්වීමට මෙම නඩුව නොවැම්බර් 11,12 සහ 13 යන දිනවල කැඳවීමට නියෝග කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (23) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවකදී ඉහත අයවලුන් විසින් සිදුකළ ප්‍රකාශ හරහා අධිකරණයට අපහාස කර ඇති බවට අභියාචනාධිකරණය වෙත පැමිණිලි කර තිබුණේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...