ජනපති රනිල්ගේ දීපාවලි සුබපැතුම් පණිවුඩය

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙමි.

හින්දු භක්තිකයන් විසින් කෝවිල, මහ මන්දිරය මෙන්ම පැල්පත ද ගෙවතු සේම මංමාවත් ද සුවහසක් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම දීපාවලි දිනයේ දී සිදු කරන අතර අවිද්‍යාවේ අඳුර දුරු කර ආලෝකයේ දීප්තිය ලබා ගැනීම එහි අරමුණයි.

අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණයි. එසේනම් ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට අප සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතුය.

දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා අප සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි මෙම දීපාවලි දිනයේ දී මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටුවන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත්කරන යහපත් අනාගතයක ආරම්භය වේවායි ප්‍රාර්ථනා කරන අතර සියලුම හින්දු භක්තිකයින්ට සුබ දීපාවලී සැමරුමකට සුභාශීංසන එක් කරමි.

~ රනිල් වික්‍රමසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...