විහිළු සහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟ දක්වලා – සජිත්

Date:

කැබිනෙට්ටුව තුළ කළ අරුම පුදුම ඔලුගෙඩි හුවමාරුවක් ඔස්සේ සිය විහිළු සහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟ දක්වා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ ව කතා කරමින් තමා පරිසරය ගැන ඉතා උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කිරීම තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සිදු වූ පරිහානිය පරිසරයට ද සිදුකිරීමට ඇති ඉඩකඩ විවෘත කර දී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

අනීතික ලෙස විදුලි බිල වැඩි කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළු අත්‍යාවශ්‍යය සේවා විනාශයට ගෙන යමින්, සිය බලය රැක ගැනීමට නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයන්ට ඇතුළු වෙමින් සිදු කරන මේ විහිලු නාඩගම් සහ දේශපාලන සූදුව තවදුරටත් රටේ ජනතාව අනුමත නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...