එල්.ටී.ටී.ඊ. යේ අවසාන ඉරණම හා හමාස් අන්තවාදයේ නූතන මොහොත ….

Date:

දීර්ඝ කාලයක් තිස්සේම උතුරේ දෙමළ ජනයාට සාධාරණ දේශපාලන ගැඨළුවක් තිබින. ඒ වෙනුවෙන් දිගින් දිගටම විවිධ අරගල පැවති අතර එක මොහොතක් ඒ සියල්ල අබිබවා එහි ඝෘජු නියෝජිතයා වූයේ එල්. ටී.ටී.ඊ. යයි.

එතැන් සිට අයිතීන් ඉල්ලීමේ ඝෘජු සන්නිවේදනය වූයේ ප්‍රචණ්ඩත්වයයි. එසේම ඔවුන් එහිදී දකුණේ බොම්බ අටවා සිංහල සිවිල් මිනිසුන් සංහාරය කලේය. එහි ප්‍රතිපලය වූයේ එතෙක් දකුණේ ප්‍රගතිශීලී ජනයාගෙන් දෙමළ ජනයාගේ ගැටළුවට තිබූ සහය ක්‍රමයෙන් දුර්වල වීමයි..

ඊළඟට ඔවුන් ඔවුන්ගේ පහල මට්ටමේ කාඩර්වරුන්ට මොරාල් දීම වෙනුවෙන් නැගෙනහිර පලාතේ තිබූ සිංහල ගම්වලට පැන පොඩි දරුවන් පවා කපා කොටා මරා දැමීය..එහි ප්‍රතිපලය වූයේ දකුණේ ආන්ඩු මායිම් ගම්වල වැසින්ට නවීන අවි ආයුධ ලබාදීමයි..ඒ හරහා එල්.ටී.ටී.ඊ.ය තමන්ට එරෙහි ප්‍රාදේශීය අමතර සිංහල හමුදාවක්ද නිර්මාණය කරගත්තේය..

ඊළඟට ඔවුන් රජීව් ගාන්ධිව ඝාතනය කර මුල සිටම ඔවුන්ව ආරක්ෂාකල අසල්වැසි රාජ්‍යවූ මහා ඉන්දියාව සතුරෙක් කරගත්තේය..ඒ හරහා ඔවුන්ට එතෙක් තිබූ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය සීයට අනූවක්ම නැතිකර ගත්තේය..

ඇත්තෙන්ම ඔවුන් විසින් කලයුතුව තිබුනේ දකුණේ ජනයා යනු ඔවුන්ගේ හතුරන් නොවන බවත් ගැඨළුව ඇත්තේ පාලකයන් සමඟ බවත් පවසා දකුණේ ජනයාගෙන් සිය අරගලයට සහය ඉල්ලීමයි..

එසේම සිය ජනවර්ගය සතු දුක්ගැනවිල්ල ලෝක ප්‍රජාව හමුවේ පෙන්වාදෙමින් ඔවුන්ගේ නන්වැදෑරුම් සහය අපේක්ෂා කිරීමයි..නමුත් ඒ වෙනුවට ඔවුන් කලේ එසේ කල උමා මහේෂ්වරන් වැනි දෙමළ නියෝජිතයන්ද මරා දැමීමයි..
එල්. ටී. ටී. ය දිගින් දිගටම උත්සහ කලේ දකුණේ සිවිල් සමාජය අතරට බීෂණය ගෙනැවිත් ඒ තුලින් දකුණේ යුධ පෙරමුණු පසුබැස්සවීමය…

නමුත් ඒ උත්සාහය කැරකුනේ අනික් පැත්තටය..හේතුව (පරන) ජ.වි.පෙ. හා හෙළ උරුමය වැනි ජාතිවාදී සංවිධාන කාලයක සිටම දකුණේ මිනිසුන් එල්.ටී.ටී.යට එරෙහිව පෙලගස්වමින් සිටි අතර එහිදී එක මොහොතක එල්.ටී.ටී.ය දකුණේ පැතුරූ බීෂණය ආපිට කැරකී මුළු දකුණම එල්.ටී.ටී.යට එරෙහි තනි බලවේගයක් බවට පත්වීමයි…

ඔවුන්ට ඔවුන්ගේ අවි බලයේ තරමටම දේශපාලන විඥ්ඥානයත් තිබිනි නම් මුලු දකුණම සතුරන් බවට පත්කරගෙන ඔවුන්ට ඔවුන්ගේ ඉල්ලීම් කිසිදා දිනාගත නොහැකි බව අවබෝධ වන්නට තිබින..

එල්.ටී.ටී.ඊ. ය මුහුණ දුන් ප්‍රධානම ගැටළුව එයට මිල්ටරි කවන්දයක් මිස දේශපාලන හිසක් නොමැතිවීමයි..

යම් පමණකට ඇන්ටන් බාලසිංහම් ජීවත්ව සිටි කාලයේ එයට යම් දේශපාලන විඥානයක් තිබුනද ඔහුගේ මරණයෙන් පසු එයද නැතිවිය..එසේම ප්‍රබාකරන් වැනි කිසිවෙකුට කන් නොදෙන නායකත්වයක් තුල ඇන්ටන්ගේ ඩිප්ලොමැටික් දේශපාලනය පළ නොදරන්නටද ඇත..ඇත්තෙන්ම එල් ටී.ටී.ඊ යේ පරාජය එහි ආරම්භක මිල්ටරි කවන්දයෙම සළකුණුවී තිබින..

එසේම පලස්තීන ගැටළුවේදීද යසර් අර්පත් ජීවත්ව සිටි කාලයේ ඔවුන්ගේ සටනට දේශපාලන විඥ්ඥානයක් සහ දැක්මක් තිබින..නමුත් ඔහුගේ අභාවයෙන් පසු අරගලය වියරු ත්‍රස්තවාදයක් බවට ඌනනය විය..එයට හේතුව එය මෙහෙයවන කලාපීය මූලධර්මවාදී දර්ශනය වන්නට ඇත…තෙල් සල්ලි මත නඩත්තු වෙන එකිනෙක යාවජීව මෙවන් සංවිධාන ගනනාවක් අරාබි ලෝකයේ ඇති බැවින් මෙහිදී එල්.ටී.ටී.ය මෙන් හමාස් සටන අවසන්වනු ඇතැයි අපට කිව නොහැක. නමුත් ඉල්ලීම් පල නොදරන හුදු ත්‍රස්තවාදයක් ලෙස ඉතිහාසයේ දිගටම හමාස් අන්තවාදය පවතිනු ඇත ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...